IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති වන ලකුණු

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමග රිෂි සුනාක් මීළග කන්සර්වටිව් පක්ෂ නායකයා ලෙස පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

රිෂි සුනාක් හට ප්‍රසිද්ධියේ ටෝරි මන්ත්‍රීවරු 155 දෙනෙක් සහයෝගය පළ කර ඇති අතර ඔහුත් සමග තරඟ වැදීමට බලාපොරොත්තු වන පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 25 දෙනෙක් සහයෝගය පළ කර තිබේ.

කන්සර්වටිව් පක්ෂ නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට නම් හෙට (25) එරට වේලාවෙන් පස්වරු 2 ට පෙර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙනී මෝර්ඩන්ට් පෙන්විය යුතු බව කන්සර්වටිව් පක්ෂය පවසයි.

එසේ 100 දෙනෙකුගේ සහාය තමන්ට තිබෙන බව පෙන්වීමට පෙනී මෝර්ඩන්ට් අපොහොසත් වුවහොත් හෙට (25) දින නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂි සුනාක් නම් කරනු ඇතැයි පැවැසෙයි.

බොරිස් ජොන්සන් තමන්ට ටෝරි මන්ත්‍රීවරු 102 ක සහාය තිබෙන බව පැවසුවත් මන්ත්‍රීවරු 54 ඔහුට ප්‍රසිද්ධියේ සහාය දැක්වූ අතර එම මන්ත්‍රීවරු සහාය දක්වන්නේ රිෂි සුනාක් හටද එසේත් නැතිනම් පෙනී මෝර්ඩන්ට් හටද යන්න තවමත් පවසා නැත.

රිෂි සුනාක් හට මේ වන විට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහාය පළ කර ඇති අතර භාණ්ඩාගාර අමාත්‍ය ජෙරමි හන්ට් රිෂි සුනාක් වින්ස්ටන් චර්චිල්ට සම කර ඇත. ඒ ඔහු සැම විටම සත්‍ය කථා කිරීමට කැමැත්තක් දක්වන හෙයිනි.

(බීබීසී)



අදහස් (0)

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site