
ගොලීය වඳුරු උණ ආසාදිතයන් ගණන 70,000 සීමාව පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ නමුත් අලුතින් ආසාදාතයන් හමුවීමේ සැලකිය යුතු අඩුවීමක් දකින්න ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්රියේසිස් පැහැදිලි කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය, පැතිර යන වඳුරු උණ වසංගතය හදිසි ගෝලීය තත්ත්වයක් ලෙස නම් කර තිබේ. වඳුරු උණ හෙවත් වඳුරු පැපොල යනු පැපොල වයිරසය සහ මාරක වසූරිය වයිරසය අතරට වැටෙන වයිරසයකි. මෙය සමලිංගික පිරිමින් අතරේ බහුලව ව්‍යාප්තවන බව තහවුරු වී තිබේ. වැඩිම වඳුරු උණ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd