
උතුරු කොරියාව දිගු දුර කෲස් මිසයිල දෙකක් අත්හදා බැලූ බව පැවැසෙයි. මෙම මිසයිල දෙක න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි මිසයිල බව උතුරු කොරියානු හමුදාව පවසා තිබේ.
උතුරු කොරියාව පසුගිය සති කීපය පුරා අත්හදා බැලුවේ කෙටි දුර මිසයිලය. එම මිසයිල අත්හදා බැලීම් ඇමෙරිකාවේත්, දකුණු කොරියාවේත් ජපානයේත් දැඩි විරෝධයට හේතුවක් විය.
උතුරු කොරියාව ‘හිතුවක්කාර’ අන්දමට සිදු කරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන්, කනස්සල්ල පළ කරන ඇමෙරිකාව චෝදනා නගා ඇත්තේ උතුරු කොරියාවට මිසයිල අත්හදා බැලීම්වලදී රුසියාවේත් චීනයේත් සහාය නොඅඩුව ලැබෙන බවය.
රුසියාවත් චීනයත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වන අතර ඔවුන්ගෙන් උතුරු කොරියාවට රැකවරණ ලැබෙන බවට ද ඇමෙරිකාව චෝදනා නගා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd