
පහර දී යුක්රේනය විනාශ කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, යුක්රේන අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
යුක්රේනයට අලුතින් පහර දීම් සිදු නොකරන බව ද රුසියන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.
ජනාධිපති පුටින් මෙසේ ප්‍රතිඥා දුන්නේ කසක්ස්තානයේ අස්තානා නුවර පැවැති ‘ආසියානු සංවර්ධන සමුළුව’ ට සහභාගී වීමෙන් පසු රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
යුක්රේනයට හමුදා යෙවීම නවත්වන බවත්, යුක්රේන රජය කැමැති නම්, නිසි ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදුවන්නේ නම්, තමන් කඩිනමින් සාකච්ඡා සඳහා යොමු වන බව රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා ගුටිකනවද? නැතිනම් ගුටිකාලා ගහනවද?