රුසියන් හමුදා පරද්දනවා රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් කරන බවත්, රුසියන් හමුදා පරාජය කරන බවත්, 2023 නව අවුරුදු උදාවත් සමඟ යුක්රේන වැසියන් ආමන්ත්‍රණය කරමින් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 01 January 2023
කොරෝනා පරද්දන්න නව වැඩපිළිවෙළක් රටේ පැතිරෙන ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක් වී නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසීය. ඒ, 2023 නව අවුරුදු උදාවත් සමඟ චීන වැසියන් අමතමිනි. 01 January 2023
ඉන්දියාවේ භූමි කම්පාවක් 2023 නව වසර උදාවත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් නගරයට භූමි කම්පාවකින් දෙදරා ගියේය. 01 January 2023
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ. 31 December 2022
පැරදුණු බ්රසිල ජනපති රට හැරයයි පසුගිය ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ ඇමෙරිකාවට ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 31 December 2022
චීනයෙන් පැමිණෙන්නන්ට තහංචි චීනයේ සිට පැමිණෙන සියලු දෙනා, ’කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු වී, ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ප්රංශයත් එක්සත් රාජධානියත් තීරණය කර ඇත. 31 December 2022
උතුරු කොරියා මිසයිල ජපානය දෙසට උතුරු කොරියාව, ජපානයට අනතුරක් වන ආකාරයට කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බැලුවේය. 31 December 2022
චීන ජනපතිට පුටින්ගෙන් ඇරැයුමක් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ හමුවක් පැවැත්විණි. 31 December 2022
ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 30 December 2022
මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය. 30 December 2022
පුටින්-ජින්පින් හමුවක් රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ හමුවක් පැවැත්වෙන බව නිවේදනය කෙරුණේ මීට දින කීපයකට පෙර සිටය. 30 December 2022
ඇෆ්ගනිස්තානයට දෙන ආධාර නවත්වන්නේ නෑ ඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන් සම්බන්ධයෙන් ගන්නා දළදඬු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, තමන් ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමේ අදහසක් නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ. 30 December 2022
ලූලා ද සිල්වා පේලේ වෙනුවෙන් කඳුළු සලයි බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින ලූලා ද සිල්වා, අමරණීය පාපන්දු තරුව පේලේ වෙනුවෙන් සොව පළ කළේය. 30 December 2022
බෙලරූසයට යුක්රේන මිසයිලයක් ඇවිල්ලා යුක්රේනය දෙසින් ආ මිසයිලයක් පහර දී විනාශ කිරීමට බෙලරූස් හමුදාව සමත් වූ බව එරට ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 30 December 2022
පේලේ සමුගනී ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. 30 December 2022
මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක් කටාර් හි පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැවතී සිටි කටාර් විශ්ව විද්‍යාලයේ කාමරය ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය නිසාවෙන් කුඩා කෞතුකාගාරයකට පරිවර්තනය කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 29 December 2022
ග්‍රේටා අලුත් හුටපටයක ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අන්තර්ජාලය තුළ නැවත වරක් පැසසුමට ලක්ව තිබේ. 29 December 2022
කැස්ස පැණිය බීලා උස්බෙකිස්තානයේ දරුවෝ මැරිලා ඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කැස්ස සමනයට ලබා දෙන සිරප් පානය කළ දරුවන් 18 දෙනකු මියගොස් ඇතැයි උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. 29 December 2022
මෝදිගේ අම්මා රෝහලේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබාන් මෝදි රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. හීරාබාන් මෝදි සිය 99 වැනි ජන්ම දිනය සැමරුවේ පසුගිය ජූනි මාසයේය. 29 December 2022
චීන සංචාරකයන්ට ‘කොවිඞ්’ පරීක්ෂණ අනිවාර්යයි චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණවලට යොමුවී, ආසදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි. 29 December 2022
හූනෙක් පවුලක් වනසයි නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ. 28 December 2022
2023 වසර වෙනුවෙන් අනාවැකි දෙකක් රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් 2023 වසර සඳහා අපූරු අනාවැකි දෙකක් ඉදිරිපත් කර තිබේ. 28 December 2022
ඇෆ්ගන් තලේබාන් රජයට දොස් ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව, ඇෆ්ගන් තලේබාන් රජය සිදු කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හේතුවක් වී ඇත. 28 December 2022
දකුණු කොරියානු හිටපු ජනපති ලී මිංග් බක් නිදහස් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, 17 වසරක සිරදඬුවමකට යටත්ව සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියුන්ග් බක්, ජනාධිපති සමාව හිමිවිය. 28 December 2022
බූස්ටර් එන්න ගත්තු අයට නාසික එන්නත ඕනෑ නෑ ඉන්දීය වැසියන්ට, ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමේ නාසික එන්නත ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ටත් බූස්ටර් එන්නත් ලබා ගත් අයටත් මෙම නාසික එන්නත ලබා ගැනීම අවශ්‍ය නොවන බවය. 28 December 2022
චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙනවා චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 28 December 2022
යුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. 28 December 2022
ෆයිසර් සමාගමේ ‘කොවිඩ්’ ඔසුව චීනයට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ. 27 December 2022
උතුරු කොරියාවේ ඩ්‍රෝන දකුණු කොරියාවට ගුවන් සීමා උල්ලංඝනය කරමින්, උතුරු කොරියාවේ සිට තම ගුවන් කලාපයට පිවිසි නියමුවන් රහිත ඩ්‍රෝන යානා තුනක් පහර දී විනාශ කළ බව දකුණු කොරියාව පවසයි. 27 December 2022
ඇෆ්ගන් පොලිස්පති කාර් බෝම්බයෙන් මරුට ඇෆ්ගනිස්තානයේ බඩාක්ෂාන් පළාතේ කාර් බෝම්බයක් පුපුරා ගියේය. එම කාර් බෝම්බයට ප්‍රාන්ත පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු බිලිවුණු බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 27 December 2022
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026