ඇෆ්ගන් මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක් බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර මුස්ලිම් පල්ලියකට තුවක්කුකරුවෝ පිරිසක් කඩා වැදුණාහ. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් පල්ලියේ සිටි මුස්ලිම් බැතිමතුන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලැබූහ. 01 May 2024
ඉන්දුනීසියා ගිනි කන්ද පුපුරයි ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරුණු බව ද වාර්තා වේ. 01 May 2024
කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි. 01 May 2024
ගාසා සමූහ මිනීවල ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ ගාසා තීරයේ කාන් යූනිස් නගරයේ රෝහලක් අසලින් හමුවුණු සමූහ මිනීවල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි. 01 May 2024
ස්පාඤ්ඤයේ වොට්ස්ඇප් වංචාවක් ‘වොට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ 100 කට වැඩි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ. 01 May 2024
මුහුදේ අබිරහස් සිදුරක් සාගර පතුළේ අබිරහස් ගැඹුරු සිදුරක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පරක් තෙරක් නැතැයි පැවැසෙන මෙම සිදුර ඇත්තේ මෙක්සිකෝවේ චෙටුමාල් බොක්කේය. 01 May 2024
ලන්ඩන් වැසියන්ට කඩු ප්‍රහාරයක් කඩුවකින් කළ පහරදීම් හේතුවෙන් නැගෙනහිර ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් හටගත්තේය. පොලිසිය පැවැසුවේ කඩු ප්‍රහාරයෙන් කීප දෙනකු තුවාල ලැබූ බවය. පොලිස් නිලධාරීන් තිදෙනකු ද ඒ අතර සිටින බව පැවැසෙයි. 01 May 2024
කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. 30 April 2024
නෙදන්යාහුට එරෙහි වරෙන්තු ? හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට යුද අපරාධ චෝදනා එල්ල කරමින්, ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් වන බව ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 29 April 2024
ධුරයෙන් යන්නේ නෑ - ස්පාඤ්ඤ අගමැති බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි. 29 April 2024
ඇමෙරිකාවට ඩෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය බවය. 29 April 2024
ඉලොන් මක්ස් චීනයට බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගමය. 29 April 2024
ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණයි රෆා නගරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණක් බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්බාස් පවසයි. 29 April 2024
යුක්රේන හමුදා පසුබසිති රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධානියා මෙසේ පැවැසුවේ, රුසියන් සෙබළු යුක්රේන හමුදාවට පහර දී නැගෙනහිර යුක්රේනයේ ගම්මාන තුනක් අත්පත් කරගත් අවස්ථාවේදීය. 29 April 2024
රතු මුහුදේ ඩ්‍රෝන යානා බිම හෙලයි රතු මුහුදේ නෞකාවලට පහර දීමට ආ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 5 ක් පහර දී විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. එම ඩ්‍රෝන යානා, ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ට අයත් යැයි පැවැසෙයි. 29 April 2024
විශ්ව විද්‍යාල සිසුන් 900 ක් පොලිසියේ ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, එම ප්‍රහාර වහා නැවැත්විය යුතු යැයි ඊශ්‍රායල රජයටත්, බයිඩන් පරිපාලනයටත් බල කරමින්, ඇමෙරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක විරෝධතා පැවැත්වෙයි. 29 April 2024
නවල්නි ඝාතනය පසුපස පුටින් නෑ - ඇමෙරිකාව සිරදඬුවම් විදිමින් සිටි රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ ඝාතනය සිදුවූයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇතත්, ඇමෙරිකන් බුද්ධි අංශ පවසන්නේ, නවල්නිගේ ඝාතනයට ජනාධිපති පුටින්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය. 29 April 2024
පලස්තීන තුවක්කුකරුවන්ට වෙඩි ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බටහිර ඉවුරේ පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනකුට ඊශ්‍රායල හමුදා පෙරළා වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවක්කුකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 28 April 2024
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹී ගියේය. ඒ සමඟ සුනාමි අනතුරු ඇඟවීමට ද බලධාරීහු පියවර ගත්හ. 28 April 2024
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සෞදියට චීන සංචාරය නිමා කිරීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි අරාබියට පැමිණියේය. 28 April 2024
කාම්බෝජ හමුදා කඳවුරක පිපිරීමක් කාම්බෝජයේ හමුදා කඳවුරක වෙඩි උණ්ඩ ගබඩාවක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් කාම්බෝජ සොල්දාදුවෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 28 April 2024
ටෝනේඩෝවක් චීන නගරයක් කලඹයි චීනයේ ගුවන්ෂූ නගරය හරහා ප්රචණ්ඩ ටෝනාඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුව සමඟ ඇතිවුණු අයහපත් කාලගුණය පස් දෙනකු බිලි ගත් බව ද වාර්තා වේ. තුවාල ලැබූ ගණන 33 කි. 28 April 2024
නිළි තමන්නා අධිකරණයට මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා බාතියාට සිතාසි යවා ඇති බවත්, හෙට (29) වැනිදා ඇය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් දැනුම් දී ඇත. 28 April 2024
විවාදයට ට්‍රම්ප් බයිඩන් සූදානම් ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. ඊට ප්‍රථම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාපධිති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙති. 28 April 2024
ආපසු ගිය වැසියන්ට කන්න නෑ නීත්‍යානුකූලව ලියකියවිලි නොමැති විදේශිකයන් ස්වේච්ඡාවෙන් රට හැර යා යුතු බව පාකිස්ථානය ප්‍රකාශ කිරීමෙන් පසු 2023 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඇෆ්ගන් ජාතිකයන් 520,000කට වැඩි පිරිසක් පාකිස්ථානයේ සිට ආපසු ඇෆ්ගනිස්තානයට ගොම් ඇතැයි පැවැසෙයි. 28 April 2024
අපි සතුරන් වෙලා බෑ ඇමෙරිකාව සහ චීනය ප්‍රතිවාදීන් නොව, සැමවිටම මිතුරන් සහ හවුල්කරුවන් ලෙස සිටිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර ඇත. 28 April 2024
යුක්රේනයට ඉක්මනින් මිසයිල දෙනවා යුක්රේන හමුදාවට ලබා දීමට නියමිත ගුවන් ආරක්ෂක මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ කඩිනමින් ලබා දෙන බව ඇමෙරිකන් යුද ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි. 28 April 2024
පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක් පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ. 26 April 2024
‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවෙමින් පැවැසුවේය. 26 April 2024
ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක් වාර්තා වන බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. 26 April 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026