
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එලැඹෙන සිකුරාදා (23) යුක්රේනයේ කීව් අගනුවරට ගොස් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට නියමිතය.
රුසියන් යුක්රේන යුද්ධය හට ගැනීමෙන් පසු අවස්ථා කීපයකදී මෝදි සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, මෝදි යුක්රේනයට ගොස් සෙලෙන්ස්කී හමුවන පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු යුක්රේනයට යනු ඇත්තේ වසර 30 කට පසුව බවය. අග්‍රාමාත්‍ය මෝදි, කීව් අගනුවර බලා යන්නේ රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දීමේ අරමුණින්ය.
මෝදි රුසියාව සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත් යුක්රේනය සමඟත් යහපත් සබඳතා පවත්වයි. යුක්රේන සංචාරයේ දී මෝදි, යුක්රේන ජනාධිපතිවරයා සමඟ ආරක්ෂාව සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, විද්‍යා සහ තාක්ෂණික ක්ෂේත්‍රයට අදාලව ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේනයට යන්න අගමැති මෝදි සූදානම්