
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විඳින, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන මාධ්‍ය මේ බව වාර්තා කළේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය එ් බව ඔවුන්ග් එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තහවුරැ කිරීමෙන් පසුවය.
ඉම්රාන් ඛාන්, කුලපති ධුරයට පත් වුවහොත් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ඔහු වනු ඇත. ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආදි විද්‍යාථියකු ද වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd