
බටහිර බෙංගාලයේ, කල්කටා නුවර, වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය සිසුවියක දූෂණය කර, ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ආරම්භ කළ විරෝධතාවට, ඉන්දීය වෛද්‍යවරු ලක්ෂ 3 කට වැඩි පිරිසක් එක් වී සිටිති.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නේවාසික වෛද්‍යවරුන්ගේ සංගමය ද විරෝධයට සහාය පළ කිරීමට ඉදිරිපත් වුණු බවය. දීපව්‍යාප්තව විරෝධතා පැවැත්වුවත්, ප්‍රධාන විරෝධතා පැවැත්වෙන්නේ, කොල්කටා නුවරය.
දූෂණයට ලක් කර ඝාතනය කෙරුණේ, කොල්කටා නගරයේ රජයේ ‘ආර්.ජී. කාර්’ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 31 හැවිරිදි සිසුවියකි. ඇගේ සිරුර හමුවූයේ වෛද්‍ය විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක් තුළදීය. තරුණියගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඇය ඝාතනය වීමට පෙර අතවරයට ලක් වුණු බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙන අතර එක් සැකකරුවකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1569
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය වෛද්‍යවරුන්ගේ විරෝධය දිගටම