IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායල හමුදාව අලුත් බබාලා 2,100 ක් මරලා

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, පලස්තීන දරුවන් 17,000 ක් මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් 2,100 ක් අලුත උපන් බිලිඳන් බවත් ජිනීවා නුවර කේන්ද්‍රකොටගත් මානව හිමිකම් සුරැකීමේ ‘යූරෝ මෙඩ් මොනිටර්’ රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිටය. එම ප්‍රහාරයට මුල් වූයේ හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයයි.

පසුගිය දා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල ක ප්‍රහාරයකින්, දින හතරක් වයසැති නිවුන් දරුවෝ  දෙදෙනෙක් මියගියහ. දරුවන් දෙදෙනාට අමතරව, එම ගුවන් ප්‍රහාරයෙන්, දරුවන්ගේ මව සහ මිත්තණිය ද ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය එම නිවුන් දරුවන්ගේ පියා, දරු දෙදෙනාගේ උප්පැන්න සහතික ලියාපදිංචි කිරීම සඳහා පළාත් පාලන කාර්යාලයට ගිය අතරතුරදී එම ගුවන් ප්‍රහාරය එල්ල වූ බව ද පැවැසෙයි. මෙය මුළු ලොවම කම්පාවට ලක් කළ සිදුවීමක් විය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඊශ්‍රායල හමුදාව අලුත් බබාලා 2,100 ක් මරලා

K.Sunil Perera Thursday, 15 August 2024 01:43 PM

තවත් මොනවා බලාගෙන ඉන්නවද .පුළුවන් හැටියට ගහපියව්. නැතිවෙන්න දෙයක් තවත් තියනවද නුඹට

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site