
මෙරට නළු නිළියන් බොහෝ දෙනකුගේ රංගනයෙන් හැඩ වුණු 'ඉන්දියානා ජෝන්ස්' දෙවැනි චිත්‍රපටය වන, 'ටෙම්පල් ඔෆ් ඩූම්' චිත්‍රපටය සඳහා ඉන්දියානා ජෝන්ස් පැලඳි තොප්පිය ඇමෙරිකන් ඩොලර් හය ලක්ෂ තිස් දහසක මුදලකට වෙන්දේසි වු බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දියානා ජෝන්ස් චරිතය ලොව ලොකු කුඩා කා අතරේත් ප්‍රසිද්ධය. මෙම චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළු හැරිසන් ෆෝඩ්ය.
චිත්‍රපටයේ ඉන්දියානා ජෝන්ස් පැලඳි එම තොප්පිය චිත්‍රපටය සඳහා නිර්මාණය කළේ ලන්ඩන් නුවර හර්බට් ජොන්සන් නමැති සමාගමය. ඒ, හාවුන්ගේ සිනිදු ලොම් යොදා ගනිමින් යැයි ද පැවැසෙයි.
ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද 'ටෙම්පල් ඔෆ් ඩූම්' චිත්‍රපටය තිරගත වූයේ 1984 දීය. එය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපටයකි.
චිත්‍රපටයේ ඉන්දීය ගම්මානයක් ගැන කියැවෙයි. එම ගම්මානය සහ ගැමියන් රූගත කෙරුණේ මෙරටදීය. ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, දර්ශන පනන්ගල ඇතුළු මෙරට නළු නිළි කැළක් ද මෙම චිත්‍රපටයට එක් වූහ.
2025 ඔක්තෝබර් මස 08
1559
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දියානා ජෝන්ස් තොප්පියට ඉහළ මිලක්