අප්‍රිකා රටවල ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය. ඒ, ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය, ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වීමට ඉඩ ඇතැයි බිය පළ කරමිණි.
අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම්පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය බිහිසුණු බව පැවැසෙයි. නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදුවන්නේ කොංගෝ ජනරජයේය.
‘එම්පොක්ස්’ නව ප්‍රභේදය හමුවී ඇත්තේ බුරුන්ඩි රාජ්‍යය, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව යන අප්‍රිකා රටවලිනි. මේ වනවිට මෙම නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ 450 දෙනකු පමණ මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘අප්‍රිකා රටවල ව්‍යාප්ත වන ‘එම්පොක්ස්’ නව ප්‍රභේදය ගැන අප කනස්සල්ල පළ කරනවා. එය ගෝලීය අවධානමක් ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.
‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. ‘වඳුරු උණ’ පැපොල (චිකන් පොක්ස්) වලට සමානය.
‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි. එම එන්නත් මේ වනවිට අප්‍රිකා රටවලට ලැබෙමින් පවතින අතර, එන්නත්කරණ කටයුද ආරම්භ වී ඇත. ‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය.
‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයිද තහවුරු වී තිබේ.
(ඒ.එෆ්.පී.)
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අප්‍රිකාවේ වඳුරු උණ වයිරස ව්‍යාප්තිය දරුණුයි