ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු පක්ෂය සමත් විය. ඒ අනුව, එරට නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස්ය. 22 May 2022
බෙන්ස් රථයක් මිලියන 143 කට අලෙවි කෙරේ මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට අලෙවි කළේය. 20 May 2022
ටිමෝරයට නව ජනපතිවරයෙක් හිටපු නිදහස් සටන්කාමී සහ නොබෙල් සාම ත්‍යාගලාභී හොසේ රාමෝස් හොර්තා නැගෙනහිර ටිමෝරයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 20 May 2022
වකුගඩු ගල් 206 ක් ඉවත් කරලා වකුගඩු ගල් හේතුවෙන් මාස 6 ක කාලයක සිට පීඩා විඳි හයිද්‍රාබාද් නගරයේ පදිංචි 56 හැවිරිදි වීරමල්ල රාමලක්ෂ්මයියා මහතාට සහනයක් ලබා දීමට අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු සමත් වූහ. 20 May 2022
‘ජී7‘ කණ්ඩායමෙන් යුක්රේනයට ආධාර ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල්, යුක්රේනයට කඩිනමින් ඇමෙරිකන් ඩොලර් බිලියන 18.4 ක මූල්‍ය ආධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබේ. 20 May 2022
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණය හෙට (21) පැවැත්වීමට නියමිතය. මෙය එරට පැවැත්වෙන 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. 20 May 2022
බයිඩන් දකුණු කොරියාවට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේය. නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණය. 20 May 2022
ෆින්ලන්තය ස්වීඩනය ගත් තීරණයට පූර්ණ සහාය ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ෆින්ලන්තය සහ ස්වීඩනය ගත් තීරණයට ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 20 May 2022
ඔස්ටේ්රලියා අගමැති පොඩ්ඩෙක් ‘යට කරලා’ ඔස්ටේ්රලියා මහ මැතිවරණය ලබන 21 වැනිදා පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය ලිබරල් පක්ෂ නායක අග්‍රාමාත්‍ය මොරිසන් ද ඊට සහභාගී වෙයි. පසුගියදා මොරිසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළිණි. 19 May 2022
ගෝලීය ආහාර අර්බුදයක් රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය, ගෝලීය ආහාර අර්බුද මඟ පාදනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි. 19 May 2022
කීව් ඇමෙරිකන් තානාපති කාර්යාලය යළි ඇරේ රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමත් සමඟ වසා දැමුණු යුක්රේනයේ කීව් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය යළිත් විවෘත කිරීමට ඇමෙරිකන් රජය පියවර ගෙන ඇත. 19 May 2022
වඳුරු උණ ඇමෙරිකාවට යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වන වඳුරු උණ වයිරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවැසීය. 19 May 2022
පරිසර දූෂණයෙන් මිලියන 9 ක් මැරිලා 2019 වසරේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 5 ක් අකල් මරණවලට ගොදුරු වී ඇතැයි ලැන්සෙට් කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි. 18 May 2022
ජගත් පරීක්ෂකයෝ යුක්රේනයට යුක්රේන ආක්රමණයත් සමඟ රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ. 18 May 2022
චීන ගුවන් අනතුර හිතාමතා කළ දෙයක් පසුගිය මාර්තු 21 වැනිදා සිදුවුණු චීන ගුවන් අනතුර, අනතුරක් නොවන බවත්, කිසියම් අයකු හිතාමතා යානය කඩා වැටීමට සලස්වන්න ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලදී අනාවරණය වී ඇත. 18 May 2022
නිව්යෝක් නුවර ‘කොවිඩ්’ වැඩියි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ‘කොවිඩ් 19’ වයිරසය යළි හිස එසවීමට පටන්ගෙන ඇතැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි. 18 May 2022
‘හිස්බුල්ලා’ ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ ලෙබනනයේ ෂියා මුස්ලිම් ‘හිස්බුල්ලා’ දේශපාලන පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂවලට ලෙබනන් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. 18 May 2022
ඉම්රාන්ගේ ජංගම දුරකතන හොරු අරන් පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජංගම දුරකතන දෙකක් සොරකම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 May 2022
ලුම්බිණි ගුවන්තොටුපොළ විවෘත වෙයි සිදුහත් කුමරු උපත සිදුවුණු නේපාලයේ ලුම්බිණි නුවර ඉදිකෙරුණු ‘ගෞතම බුද්ධ’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කෙරුණි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිවු දින සංචාරයකට නේපාලයට ගිය අවස්ථාවේදීය. 17 May 2022
කරච්චි නුවර ප්‍රබල පිපිරීමක් පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ‘බොම්බේ බසාර්’ වෙළෙඳපොළ සංකීර්ණයේ ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීම සිදුවූයේ ඊයේ (16) සවස ය. 17 May 2022
ප්‍රංශ අගමැති ධුරයට එලිසබත් බෝන් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට කම්කරු අමාත්‍යවරිය ලෙස කටයුතු කරන එලිසබත් බෝන් නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ. 17 May 2022
ස්වීඩනය-ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලයි ස්වීඩනය සහ ෆින්ලන්තය, නිල වශයෙන් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කර තිබේ. 17 May 2022
කොරෝනා ආසාදිතයන් ගණන මිලියනයක් උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියනය පසු කළේය. උතුරු කොරියානු රජයේ, ‘වසංගත රෝග වැළැක්වීමේ මූලස්ථානය’ නිකුත් කළ නිල දත්ත අනුව, එරටින් වාර්තා වූ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,483,060 කි. 17 May 2022
වෙසක් පොහොය නිමිත්තෙන් මෝදි ලුම්බිණියේ වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන 2566 වැනි බුද්ධ ජයන්ති උළෙලට සහභාගී වීමේ ද අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ ලුම්බිණි නුවරට පැමිණියේය. 16 May 2022
අවශ්‍ය වුණොත් හමුදා සහාය දෙනවා ෆින්ලන්තයට සහ ස්වීඩනයට අවශ්‍ය වුවහොත් හමුදා සහාය ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සුදානම් බව පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසයි. 16 May 2022
ෆින්ලන්තයට විදුලිය දීම නවත්වයි රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව ෆින්ලන්තයට අනතුරු අගවා තිබේ. 16 May 2022
පුටින්ට ලේ පිළිකාවක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලේ පිළිකාවකින් පීඩා විඳින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් බ්‍රිතාන්‍යයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන ක්‍රිස්ටෝපර් ස්ටීල් අනාවරණය කර තිබේ. 16 May 2022
මෝදි අද ලුම්බිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) නේපාලයේ ලුම්බිණි නුවර සංචාරයක නියැළීමට සූදානම් වෙයි. ඒ, නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙයුබාගේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි. 16 May 2022
පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනපතිවරයෙක් පාර්ලිමේන්තු ඡන්දයකින් සෝමාලියාවේ ජනාධිපතිවරණය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. 16 May 2022
දකුණු කැලිෆෝනියාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. 16 May 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026