IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


අල්ලා ගත් පළාත් රුසියාවට ඈඳා ගැනෙයි

රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් 4 ක් රුසියාවට ඈඳා ගනිමින්, එම පළාත් නිල වශයෙන් රුසියාවේ කොටසක් වුණැයි නිවේදනය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වෙයි.

ජනාධිපති පුටින් මෙම නිවේදනය කරනු ඇත්තේ අද (30) රුසියාවේ වේලාවෙන් සවස 3 ටය. ඒ, මොස්කව් අගනුවර රතු චතුරස්‍රයේ ඉදිකළ දැවැන්ත වේදිකාවේ සිටය.

රුසියාවට එක් කර ගැනෙන්නේ, නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත් ද දකුණු යුක්රේනයේ සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් ය. රුසියන් හමුදා ලුහාන්ස්ක්, ඩොනෙස්ක්, සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් අත්පත කර ගත්තේ, එම පළාත්වල ජීවත් වන රුසියන් බස කතා කරන රුසියන් හිතවාදින් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද සහාය ඇතිවය.

ඉන්පසු පසුගිය දා මෙම පළාත්වල ජනමත විමසුම් පැවැත්විණි. ඒ, රුසියාව සමඟ එක් වීමට කැමැත්ත විමසමිනි. එහිදී වැඩි දෙනාගේ මනාපය වූයේ රුසියාව සමඟ එක් වීමට කැමැති බවය.

යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ද 2014 වසරේ සිට පවතින්නේ රුසියාව යටතේය. රුසියාන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදා ක්‍රිමියා අර්ධද්වීපය ද අත්පත් කරගත්තේ ද මේ අයුරින්ම හමුදා ආක්‍රමණයකින් පසු ජනමත විමසුමක් පවත්වමිනි.

(රොයිටර්)



අදහස් (4)

අල්ලා ගත් පළාත් රුසියාවට ඈඳා ගැනෙයි

samaadi Friday, 30 September 2022 09:01 AM

තමන්ගේ රටට, ජාතියට ආදරයෙන් බුද්ධිමත්ව ක්‍රියාකරන පාලකයෙක්...!

:       18       29

saththyaa Friday, 30 September 2022 12:19 PM

ඔව්. රාජපක්ශල LTT එකටත් අපේ රට පාවාදුන්නයි කියල ඉතිහාසගත උනානෙ . මානසික දුප්පත් සිංහයො උනහම එහෙම වෙනවලු .

:       10       8

ජගත් ලියනගේ Friday, 30 September 2022 12:53 PM

පුටින් මහත්තයෝ. ඔබතුමාට බැරිද අපිටත් උදව්වක් කරන්න ඔය වගේම වැඩක් කරලා...?

:       4       11

sampath Monday, 03 October 2022 06:00 PM

මේකට තමයි ආක්‍රමණයක් කියලා කියන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 531 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site