
ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවිය යුතු යැයි රුසියාව පවසයි.
රුසියාව වෙනුවෙන්, මෙසේ පැවැසුවේ, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්ය. ඒ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතූ අවස්ථාවේදීය.
ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවීම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියන් විදේශ අමාත්‍යවරයා ජගත් සමුළුවට පැහැදිලි කළේය.
ඉන්දියාව ද වසර ගණනක පටන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය අපේක්ෂා කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනෙකි. රුසියාව, ඇමෙරිකාව, චීනය, මහා බි්‍රතාන්‍යය සහ ප්‍රංශයයි. නිත්‍ය සාමාජිකයන්ට නිෂේධ බලය හිමිවෙයි.
නිව්යෝක් නුවර පැවැත්වෙන 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් ද පැවැත්විණි. එහිදී යුක්රේන රුසියානු අර්බුදය සාකච්ඡාවට ලක් විය.
යුක්රේන රුසියානු අර්බුදයේ දී ඉන්දියාව සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ ගනී.
පසුගිය දා උස්බෙකිස්තානයේ පැවැති ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි.
රුසියන් යුක්රේන අර්බුදය ආරම්භ වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙය විය. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කරන ලෙසය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව වෙනුවෙන් රුසියාව හඬ නගයි