IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි

කාලගුණ විද්‍යාඥයන්, ‘ඉයන්’ යන නමින් නම් කළ හරිකේන් සුළි කුණාටුව, මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදුණි.

ඇමෙරිකන් ජාතික හරිකේන් සුළි කුණාටු අනතුරු ඇඟවීමේ ඒකකය අනතුරු අඟවමින් කියා සිටියේ, ‘ඉයන්’ ප්‍රචණ්ඩත්වය අතින්, ප්‍රචණ්ඩත්වට වැඩිම සිවුවැනි කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් බවය.

දශක ගණනාවකින් පසු ඇමෙරිකාවට කඩා වැදුණු බිහිසුණුම සුළි කුණාටුව ලෙස ‘ඉයන්’ හඳුන්වා දීමට කාලගුණ විද්‍යාඥයන් පියවර ගෙන තිබේ.

‘ඉයන්’ සුළි කුණාටුව කඩා වැදුණේ ෆ්ලොරීඩාවේ දකුණුදිග පළාත් හරහා රට තුළට ඇතුළු වූයේ ‘කායෝ කොස්තා’ නමැති කුඩා දූපත හරහා, ඒ, ඇමෙරිකාවේ වේලාවෙන්, සවස 9 ට පමණි. ‘ඉයන්’ සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 240 ක් බව ද පැවැසෙයි.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට දකුණු හානි සිදුවී ඇති බවත්, ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති බවත් පැවැසෙයි. විදුලිබල සැපැයුම අඩපණ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (28) වාර්තා කළේ ෆ්ලොරීඩාවේ නිවාස සහ ගොඩනැගිලි මිලියන 1.1 කට විදුලිය බලය අහිමි වී ඇති බවය.

(රොයිටර්)

 



අදහස් (1)

‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි

මෝ Thursday, 29 September 2022 12:39 PM

දැන් වේලාව පාන්දර 3.00යි.මේ වන විට සුලි කුනාටුව මා ජීවත් වන ඔර්‍ලැන්ඩෝ නගරය හරහා ගමන් කරනවා.දැඩිවර්ශාපතනයක් සහ සුලං හමනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 530 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site