
සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.
ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර ඇත.
ජියෝර්ජියා මොලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට අභියෝගයක් වීමට උත්සාහ ගත් වාමාංශික දේශපාලන සන්ධානයට හිමි කර ගැනීමට හැකි වූයේ සියයට 22 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි." ජියෝර්ජියා මොලෝනී මැතිනියණි, ඉතාලි මිලානෝ වලදි මුණ ගැසුණා. මගේ උණුසුමි සුභ ආශිංසන!!! අපේ ඊළග (2වන) අගමැතිණියගේ සිනිදු සුදු මුදු දේහ විලාශය දැක බලා, සිත් පහන් කරගන්න තව පෝය කීයක් ගත වෙිද?
ඉතාලියේ අන්ත දක්ෂිණාංශික නාසිවාදයට කිට්ටු අදහස් දරණ පක්ෂයක් බලයට පත්වෙලා. මේක දැනට ඉතාලියේ සේවය කරන සහ ඉදිරියට එහෙ යන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන්ට නරක ආරංචියක්.
විදේශිකයන්ට වීසා දික් කර ගැනීම ඉතා අපහසු කාලයක්.