
‘නෝරු’ සුළි කුණාටුව, උතුරුදිග පිලිපීනය හරහා හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, එම පස් දෙනා විපතට පත්වූවන්ගේ පිහිටට ගිය ජීවිත ආරක්ෂක නිලධාරීන් බවත් පිලිපීන රජය පවසයි.
තද සුළං ද සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් පළාත් රැසකය විදුලි බලය අහිමි වී ඇති බවත් පිලිපීන මාධ්‍ය වාර්තා කර තිබේ.
පිලිපීන කාලගුණ විද්‍යාඥයන්ට අනුව ‘නෝරු’ සුළි කුණාටුව, පිලිපීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 185 ක වේගයකිනි. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇතැයි ද පැවැසෙයි.
සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ ක්වෙසොන් ප්‍රාන්තයේ බුරේඩෝස් නගරයටය. සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත ප්‍රදේශවල සිටි දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී ඇති අතර 3,000 ක පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිත් යනයන රටට වෙන්නේ විපත්තියක්මනේ..!