
බලයෙන් නෙරපා, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, හමුදා අධිකරණයක් හමුවේ, රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ බැවිනි.
අවුන් සාන් සූ කී පමණක් නොව ඇගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කළ ෂෝන් ටුරේල්ට ද සිරදඬුවම් නියම විය.ඒ, ඔහු ද රාජ්‍ය රහස් හෙළි කිරීම ටන චෝදනාවලට වරදකරු වූ බැවිනි. ෂෝන් ටුරේල් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආර්ථික උපාධිධාරියෙකි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාවට "ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක්" කියලා කියන්න පුළුවන්ද? හමුදාව යොදවලා රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඝාතනය කළේ ඇයයි. මුලින් බටහිර රටවල් ඇයට ආරක්ෂාව සැපයූවත්, දැන් මේ ම්ලේච්ඡ කාන්තාව ඔවුන් පිළිගන්නේ නැහැ. ඇයව ජීවිත කාලයම සිරගත කළ යුතුයි. ලංකාව මෙන් සුන්දර රටක් වුණත්, ගෝත්‍රික වනචාරී මිලේච්ඡ ජනතාවක් මේ රටෙත් වාසය කරනවා...