IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කමලා හැරිස් දකුණු කොරියාවේ

ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්, දකුණු කොරියාව බලා පැමිණෙද්දී, උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලීය.

උතුරු කොරියා හමුදාව මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ එරට නැගෙනහිර වෙරළේ සිටය. මිසයිල මුහුදට පතිත විය.
සතියක් ඇතුළත උතුරු කොරියාව, එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින්, කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් කළ තෙවැනි අවස්ථාව මෙය ලෙස පැවැසෙයි.

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්, දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේ ජපාන සංචාරයකින් පසුවය. කමලා හැරිස් ජපානයට ගියේ හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙනුවෙන් පැවැත්වුණු විශේෂ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වීම සඳහාය.

ජපන් සංචාරයෙන් පසු, දකුණු කොරියාවේ සෝල් අගනුවරට ආ උප ජනාපධිතිනී කමලා හැරිස්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. උප ජනාපධිතිනිය පිළිගනු ලැබුවේ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් විසිනි.

ඇමෙරිකන් උප ජනාධිපතිනිය දකුණු කොරියාවට පැමිණෙන අවස්ථාවේදී ද දකුණු කොරියානු හමුදාව සහ ඇමෙරිකන් හමුදාව එක් වී යුද අභ්‍යාසයයක් ආරම්භ කර තිබුණි. උතුරු කොරියාව මෙම යුද අභ්‍යාසයට ද විරෝධය පළ කරමින් මිසයිල අත්හදා බැලීමක් කර තිබුණි.

(රොයිටර්)



අදහස් (0)

කමලා හැරිස් දකුණු කොරියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site