
ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්, දකුණු කොරියාව බලා පැමිණෙද්දී, උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලීය.
උතුරු කොරියා හමුදාව මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ එරට නැගෙනහිර වෙරළේ සිටය. මිසයිල මුහුදට පතිත විය.
සතියක් ඇතුළත උතුරු කොරියාව, එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින්, කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් කළ තෙවැනි අවස්ථාව මෙය ලෙස පැවැසෙයි.
ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්, දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේ ජපාන සංචාරයකින් පසුවය. කමලා හැරිස් ජපානයට ගියේ හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙනුවෙන් පැවැත්වුණු විශේෂ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වීම සඳහාය.
ජපන් සංචාරයෙන් පසු, දකුණු කොරියාවේ සෝල් අගනුවරට ආ උප ජනාපධිතිනී කමලා හැරිස්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. උප ජනාපධිතිනිය පිළිගනු ලැබුවේ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් විසිනි.
ඇමෙරිකන් උප ජනාධිපතිනිය දකුණු කොරියාවට පැමිණෙන අවස්ථාවේදී ද දකුණු කොරියානු හමුදාව සහ ඇමෙරිකන් හමුදාව එක් වී යුද අභ්‍යාසයයක් ආරම්භ කර තිබුණි. උතුරු කොරියාව මෙම යුද අභ්‍යාසයට ද විරෝධය පළ කරමින් මිසයිල අත්හදා බැලීමක් කර තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd