
උතුරුදිග බ්‍රසීලයේ ඇමසන් නදියට ඉහළින් ඉදිකර තිබුණු පාලමක් හිටිහැටියේ කඩා වැටුණි.
පාලම මතින් ගමන් කරමින් තිබුණු මෝටර් රථ ඇමසන් ගංගාවට වැටුණු බවත් 15 දෙනකු ගංගාවේ අතුරුදන් වූ බවත් වාර්තා වේ. කඩා වැටුණේ කොංක්‍රීට්වලින් ඉදි කරනු ලැබූ, කරේයිරෝ නමැති නගරයට කිලෝ මීටර් 100 ක් දුරින් පිහිටි පාලමක් බව ද පැවැසෙයි.
පාලම කඩා වැටීමේ අනතුරින් තුවාල ලැබූ ගණන 14 ක් බවත් ද පැවැසෙයි. අතුරුදන් වූවන් සොයමින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd