IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉරාන විරෝධතාකරුවන් 450 ක් පොලිස් අත්අඩංගුවේ

හිජාබය පැලඳීම සම්බන්ධයෙන් පවතින දලදඬු නීතියට එරෙහිව, උතුරුදිග ඉරානයේ ආරම්භ වුණු ජනතා විරෝධතා දිනෙන් දින උත්සන්න වන බවත්, කලහකාරීව හැසිරෙමින්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණු විරෝධතාකරුවන් 450 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුණු බවත් ඉරාන රජය පවසයි.

මෙම 450 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දින 10 ක කාලය පුරාවට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉරානයේ මෙසේ විරෝධතා ආරම්භ වූයේ, නිසි ලෙස හිජාබය නොපැලඳ සිටියේ යැයි හිජාබය නිසි ලෙස පැලැඳ නොසිටි බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගත් ඉරානයේ කුර්දි තරුණියක මියයෑමේ සිදුවීමකි.

කුර්දි තරුණියගේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට තමන් උපදෙස් දුන් බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසී විරෝධතාකරුවන්ට දන්වා තිබේ.

ඊට අමතරව, රට අස්ථාවර කිරීමෙන් වළකින්නැයි ද විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් ද කර තිබේ. විරෝධතාකරුවන් මර්දනයට ඉරාන කැරැලි මර්දන හමුදාව යොදවා ඇති බවත්, ඔවුන් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට වෙඩි තබන බවත් බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඉරාන විරෝධතාකරුවන් 450 ක් පොලිස් අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site