
උතුරු කොරියාව සහ චීනය අතර භාණ්ඩ දුම්රිය ගමන් යළි ආරම්භ විය. දෙරට අතර දුම්රිය ගමන් මාස 5 ක් තිස්සේ තාවකාලිකව නවතා දමා තිබුණේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙනි.
ඊයේ (25) චීනයේ ඩැංග්ඩොංග් දේශසීමා නගරයෙන් පිටත් වුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් උතුරු කොරියාවේ සිංයුයිජූ නගරය බලා පැමිණි බව වාර්තා වේ.
දුම්රිය ගමන් තාවකාලිකව නවත්වා දමනු ලැබුවේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. ඊට හේතුව වූයේ ඩැංග්ඩොංග් නගරය ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසා දැමීමට චීන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීමත් සමඟය.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා, එරට ලොවෙන් හුදෙකලා කිරීමට උත්සාහ ගෙන තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd