
ජපානයේ සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා අතර හමුවක් පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවත් ජපානයත් අතර පවතින ද්වී පාර්ශ්වීක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ යැයි පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද 27) ජපානයේ ටෝකියෝ අගනුවරට පැමිණෙනු ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු ජපන් අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය අවමංගල උත්සවයට සහභාගී වීම සඳහාය.
වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදාගේ තීරණයකට අනුවය.
ලෝක නාකයන් සහ නියෝජිතයන් බොහෝ දෙනකු ට ඒ සඳහා ඇරැයුම් ලැබී තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd