
අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වී, අහිංසාවාදය ගැන කරුණු දැක්වීමක් කළේය.
සමුළුව හමුවේ පෙනී සිටියේ ගාන්ධි තුමාගේ පරිගණක රූපයකි. ගාන්ධිතුමන්ගේ ඡන්ම දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් දෙවැනිදාටය. එදින ජාත්‍යන්තර අහිංසා දිනය ලෙස පිළිගැනෙයි.
ගාන්ධිතුමාගේ ත්‍රිමාණ පරිගණක රුව, සමුළුවට ඉදිරිපත් කිරීම කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ඉන්දීය නියෝජිතයන් යුනෙස්කෝ සංවිධානයේ ‘සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා පිහිටුවූ මහත්මා ගාන්ධි ආයතනය එක් වෙමිනි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd