බ්‍රසීල ජනපති හමුවන්න රුසියන් විදේශ ඇමැති එයි
රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්, බ්‍රසීලයට පැමිණ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී සාකච්ඡා පැවැත්වීය. රුසියාවත්, බ්රසීලයත් අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, රුසියාව, යුක්රේනයට එරෙහිවගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.