IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ටයිටැනික් නැවේ මෙනු පත වෙන්දේසියට

ටයිටැනික් නැව අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, එදින රෑ, නැවේ පළමු පංති​යේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට නියමිතය.

වෙන්දේසිකරු වන්නේ ඇන්ඩෲ ඕල්ඩ්රිච් ය. ඔහුට මෙම මෙනුපත ලැබී ඇත්තේ කැනේඩියානු ජාතික ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් මාර්ගයෙනි.

මෙනු පත පිළිබඳව ස්ටීවන්සන්ගේ පවුලේ අය පවා දැන නොසිටි බව පැවැසෙයි.

විදෙස් මාධ්‍ය අනුව, 2017 වසරේ ලෙන් ස්ටීවන්සන්ගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය සිය දියණියටත් ලේලියටත් උරුම කර තිබේ. මෙනුපත තිබී ඇත්තේ එම බඩු බාහිරාදිය අතරේය.

ටයිටැනික් නැවේ ඛේදවාචකය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදාය. ගිල්ලන්න බැරි යැයි පැවැසුණු නැව අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක් වී ගිලී ගියේ 1500 ක් බිලි ගනිමිනි.



අදහස් (2)

ටයිටැනික් නැවේ මෙනු පත වෙන්දේසියට

කපිල Friday, 10 November 2023 05:56 PM

එදින රෑ මෙනු එක නෙමෙයි නේද? දින දෙක සසඳා බලන්න...

:       2       5

ජැක් Saturday, 11 November 2023 03:13 PM

ඔයා මඟුලක් කියවනවා. එදා රෑ කියලා මැනු එකක් කියලා කොහේද? නැවේ මැනු එක තමයි ඒ. එදා රෑ මැනු එක මුහුදු පතුලේ ඇති. දැන්නම් දියවෙලා ඇති. මැනු එක මාළු කාලා ඇති. ඒකේ තියෙන ඒවා හදන්න දන්න කට්ටියත් මැරෙන්න ඇතිනේ. ඒවා කෑවා නිසා නෙමෙයි ඔය නැව ගිළුනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 337 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site