(සුජිත් හේවාජුලිගේ )

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙරට පුරවැසියන්ගෙන් එක්කොටි තිස් ලක්ෂයකට    ආසන්න  පිරිසක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් “ටින්”  අංකය ලබා ගෙන ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි

එහි කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා  ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 සම්පූර්ණ කළ    මිලියන 17ක් පමණ රටේ සිටින බවයි.

වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයන්ට නොවැම්බර් මස 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ .

ටින් අංකය නොමැතිව එම කටයුතු සිදුකිරීමට නොහැකි වන බව  නන්දන කුමාර මහතා ප්‍රකශ කළේය.