ලන්ඩන් නුවරට ගොස් සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් ලෙස එම ධුරයට පත් වුණු හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.
ඬේවිඞ් කැමරන්ට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරය පිරිනැමීමට, අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කටයුතු කළේ කබිනට් මණ්ඩල සංශෝධන සිදු කරද්දීය. ඒ අනුව, වසර 7 කට පසු කැමරන්, යළි දේශපාලනයට පිවිස සිටී.
ඉන්දියාවත් මහා බ්‍රිතාන්‍යයත් අතරේ ද්වී පාර්ශ්වීය සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, එස්. ජයිශංකර් සහ නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් අතරේ සාකච්ඡා පැවැත්විණි.
57 හැවිරිදි ඬේවිඞ් කැමරන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2010 සිට 2016 තෙක් කාලයේ, කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමිනි.
කැමරන් ධුරයෙන් ඉවත් වූයේ බ්‍රික්සිට් හරහා බ්‍රිතාන්‍ය වැසියන්, යුරෝපා සංගමයෙන් වෙන් වීමට ගත් තීරණයට අනුවය. ඬේවිඞ් කැමරන්, බ්‍රික්සිට් ක්‍රියාවලියට විරෝධය පළ කළ අයෙකි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය විදේශ ඇමැති ඬේවිඞ් කැමරන් හමුවෙයි