
ඇමෙරිකන් හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්, නැගෙනහිර මධ්‍යධරණී මුහුදට කඩා වැටීමෙන්, ඇමෙරිකන් සෙබළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඇමෙරිකන් යුද නැව් කීපයක් මේ වනවිට මධ්‍යධරණී මුහුදට ගොස් සිටී. ඒ, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් උත්සන්න වෙද්දී, ඊශ්‍රායලයට සහාය පළ කරමිනි.
හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ පුහුණු මෙහෙයුමක් අතරතුරේය. එම අවස්ථාවේදී ඊට ඉන්ධන පිරවීමක් සිදුවෙමින් පැවැති බව ද වාර්තා වේ.
අනතුරින් මියගිය හමුදා සෙබළුන් වෙනුවෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එම සෙබළුන්ගේ පවුල්වල අයට සොව පළ කර ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd