ඇමෙරිකන් හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්, නැගෙනහිර මධ්‍යධරණී මුහුදට කඩා වැටීමෙන්, ඇමෙරිකන් සෙබළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඇමෙරිකන් යුද නැව් කීපයක් මේ වනවිට මධ්‍යධරණී මුහුදට ගොස් සිටී. ඒ, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් උත්සන්න වෙද්දී, ඊශ්‍රායලයට සහාය පළ කරමිනි.
හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ පුහුණු මෙහෙයුමක් අතරතුරේය. එම අවස්ථාවේදී ඊට ඉන්ධන පිරවීමක් සිදුවෙමින් පැවැති බව ද වාර්තා වේ.
අනතුරින් මියගිය හමුදා සෙබළුන් වෙනුවෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එම සෙබළුන්ගේ පවුල්වල අයට සොව පළ කර ඇතැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් අනතුරේ