
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදිකරමින් තිබුණු උමං මාර්ගයක එක් කොටසක් හිටිහැටියේ කඩා වැටී ඒ තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ඉන්දීය බලධාරීහු පවසති.
කඩා වැටී, උමං මඟ හරස් කළ, කොන්ක්‍රීට් තට්ටු ඉවත් කිරීමට හැකිවුණු බවත්, සිරවුණු පිරිස් වෙත ළං වීමට මීටර් 19 ක් දිග සිදුරු කීපයක් කැණීම ආරම්භ කර ඇති බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. එම සිදුරු හරහා සිරවුණු කම්කරුවන් එකිනෙකා බේරා ගැනීම අරමුණ වී ඇත.
සිරවී සිටින වැඩි දෙනා වෙනත් ප්‍රාන්තවලින් ආ සංක්‍රමණික කම්කරුවන්ය. බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් ප්‍රාන්ත වැසියන් ද සිරවුණු එම කම්කරුවන් පිරිස අතර සිටින බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩා වැටෙන කොන්ක්‍රීට් තට්ටු? එහෙම ඒවත් තියෙනවද ඉන්දියාවේ?