IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගාසා තීරය අත්පත් කරගැනීමේ අදහසක් නෑ

සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අඩපණ කිරීමේ අරමුණින් පමණක් බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

“අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අප හමුදාවටයි. සටන් විරාමයකට යෑමට අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් නෑ. හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව දිගින් දිගටම පවසා තිබේ. මේ මොහොතේ ඊශ්‍රායලය සටන් විරාමයකට ගියහොත්, ප්‍රහාරවලින් පසුබෑමට ලක්වී සිටින හමාස් සටන්කාමීන් යළි ශක්තිමත් විය හැකි යැයි ඇමෙරිකාව ද ජාත්‍යන්තරයට පෙන්වා දී ඇත.

මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරය’ වට කරමින් ඊශ්‍රායල හමුදා ඊට පහර දෙයි. ගාසා නගරයෙන් පලා ගිය පලස්තීන වැසියන් ගණණ 50,000 ඉක්මවා තිබේ.

මේ අතර, මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, පැය හතරක කාලයකට ප්‍රහාර නවත්වා, ගාසා සනගරයේ වැසියන්ට නගරයෙන් පිටවීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර ඇතැයි ඇමෙරිකාව පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

ගාසා තීරය අත්පත් කරගැනීමේ අදහසක් නෑ

රංබොඩ Friday, 10 November 2023 10:51 AM

දැන් ඉන්න ජනතාවට අමතක වුණාට අපේ පාලකයින් සහ හමුදාවට ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් ට පහර දෙනකොටත් ලෝකයා රෙදි උස්සගෙන ආවේ සටන් විරාම ඉල්ලගෙන. ඒ ආදරේට නෙවෙයි ත්‍රස්තවාදීන් ආරක්ෂා කරගන්න. දැනුත් ලෝකෙ වෙන්නේ ඒකමයි...

:       2       23

Hira Friday, 10 November 2023 11:11 AM

මෙන්න කොන්ද පන තියන නායකයො.

:       3       20

මැක්ස් Friday, 10 November 2023 11:32 AM

සියලුම ලෝක නායකයන්ගේ සහාය ඇතිව, මානව හිමිකම් තබේකට මායිම් නොකර ඊශ්‍රායලය කරන පහර දීම් අතර කුහක නොවන කාටත් මතක් වෙන්න ඕන ජාත්‍යන්තරයේ තබා ලංකාවෙත් ඇන්ජීඕ බත්බැලයන්, ජේවීපී, රනිල්, සජිත්, කිරිඇල්ල, රවී, මංගල වැනි බොර දියේ මාළු බාන අහිනකුත් තියාගෙන අපේ හමුදාව සහ දේශපාලන නායකත්වය විසින් සිදු කරන ලද්දේ මොන තරම් අමාරු කර්තව්‍යක්ද කියලා.

:       17       15

Ruvan Friday, 10 November 2023 03:18 PM

මිනීමරුවෝ !!! යන්න එන්න තැනක් නැතිව හිටපු අහිකුන්ටකයින්.එංගලන්තයේ සහයෙන් පලස්තීනයේ කොටසක් අල්ලාගෙන අන්තිමට පලස්තීනයේ දරුවන් මරමින් කරපු සංහාරයට තොපිට දවසක වන්දි ගෙවන්න වෙනවා.දෙවියන්ටත් අකිකරුවෙලා,දෙවියන්ගේ ශාපය ලැබූ යුදෙව්වන් ,අවසානයේදී ජේසු තුමාගේ නැවත පැමිණීමෙන් පසු සමුලඝාතනය වෙනවාලු.

:       11       4

KamalFriday, 10 November 2023 04:34 PM

තිත්ත ඇත්ත..

:       0       0

Piyananda Friday, 10 November 2023 07:11 PM

නෙතන්යාහු අගමැතිතුමාට සෙත්පතා බෝධිපූජාවක් කරන්න හාමුදුරු කෙනෙක් නැති හැටි...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site