
ගාසා තීරයේ ප්‍රධාන රෝහල දෙක ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙක වන්නේ, අල් ෂයිෆා රෝහල සහ අල් කුඞ්ස් රෝහලය.
ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරයි. ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියක් 2,300 කට වැඩි පිරිසක් ආරක්ෂාව ලැබ රැඳී සිටින්නේ අල් ෂයිෆා සහ අල් කුඞ්ස් රෝහල්වල යැයි ද පැවැසෙයි.
රෝහල්ව කටයුතු අඩපණ වෙද්දී, රෝහල්වල නොමේරූ බිලිඳුන්, හෘද රෝගීන් ද ඇතුළු අසාද්‍ය රෝගීන් මියයෑමට පටන් ගෙන ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊශ්‍රායලයට දන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝවේ එහෙම මේ ගැන කියන්නේ කියන්නේ ?ආසයි දැන ගන්න