රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ සැරිසැරීමත් සමඟ මහත් බියක් හටගත්තේය. සිංහයා සැරිසරන්න වූයේ ලැඩිස්පොලි නමැති නගරයේය.
රාත්‍රි කාලයේ සිංහයා නගරයේ සැරිසරන අයුරු නගර වැසියන් දසුන් ජංගම දුරකතනවලින් පටිගත කර ඇති අතර, එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
‘කිම්බා’ නමැති මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයත් එකකු බවත්, ඌ සර්කස් කණ්ඩායමෙන් පැන ගොස් නගරයේ සැරිසැරූ බවත් පසුව අනාවරණය විය.
සිංහයා අල්ලා සර්කස් කණ්ඩායමට බාර දුන් බව ද පැවැසිණි.
සර්කස් කණ්ඩායෙම් භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටි සිංහයා අනතුරකින් තොරව, යළි අල්ලා ගැනීම හැකි වුණු බවය.
සිංහයා කූඩුවෙන් පැනගිය අයුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.
එය සර්කස් කණ්ඩායමට ප්‍රසිද්ධියක් දීමේ අරමුණින්, සර්කස් කණ්ඩායමේ පිරිස් හිතාමතා කළ බොරුවක් විය හැකි බව පොලිසිය පවසා ඇත. පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඔ නගරයේත් සැරිසරනවා නාකි හිවලෙක්, ආරක්ෂාව ඇතුව...!
හරි ස්වීට් ඒ සිංහයාගේ නම නම්...!
ඕක මොකද්ද අප්පා...? මිලානෝ නගරයේ යනඑනමන්නැති සිංහයෝ බරගාණක් මහපාරේ නිදාගන්නේ...!