ඩ්‍රෝන ප්‍රහාරයට සම්බන්ධ නෑ - ඇමෙරිකාව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ගනිමින් ක්‍රෙම්ලීනයට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය පසුපස ඇමෙරිකාව සිටින බවට එල්ල වන චෝදනා ඇමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. 04 May 2023
සෙලන්ස්කී ෆින්ලන්තයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ෆින්ලන්තයට පැමිණියේය. ඒ, ෆින්ලන්තයේ පැවැත්වෙන රාජ්‍ය නායක හමුවකට සහභාගී වීමටය. 03 May 2023
ඇමෙරිකාවෙන් මිලියන 300 ක ආධාර ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක තවත් හමුදා ආධාර තොගයක් යුක්රේනයට ලබා දීමට සූදානම් වෙයි. 03 May 2023
සර්බියාවේ පාසලක වෙඩි තැබීමක් සර්බියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් දරුවන් 8 දෙනකු සහ ආරක්ෂක අංශ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 03 May 2023
රුවන්ඩාවේ හදිසි ජල ගැලීම් මහ වැසි සමඟ බටහිර රුවන්ඩාවේ හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඒරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 03 May 2023
තලේබාන් ඇමැතිට ආරක්ෂක මණ්ඩලයේ අවසර ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ සබඳතා අමාත්‍ය මෞලවි අමීර් ඛාන් මුටාකීට පාකිස්තානය බලා යෑමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 03 May 2023
වතිකානයෙන් සාම සැලැස්මක් රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට වතිකානය ද නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති. 02 May 2023
අගමැති අපේක්ෂිකාව අම්මා කෙනෙක් වෙලා තායිලන්ත මහ මැතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂිකාවක වන්නේ පෙටොංග්ට්රාන් ෂිනවාත්‍රාය. 02 May 2023
ලක්ෂ අටක් සුඩානය හැර යති සුඩාන හමුදා පාලකයන් සහ හමුදා පාලනයට අභියෝග කරන අතිරේක සන්නද්ධ බලඇණියේ සාමාජිකයන් අතර ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. 02 May 2023
පිලිපීන ජනපති ඇමෙරිකාවේ ඇමෙරිකා සංචාරයක නියැලෙන පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය. 02 May 2023
මාධ්‍ය අසත්‍ය පුවත් පළ කරනවා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරය පැතිරවීමේ අරමුණින් මාධ්‍ය ආයතන අසත්‍ය ප්රවෘත්ති පළ කරන බවට ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා චෝදනා කළේ ය. 02 May 2023
මාධ්‍ය ආයතන දෙකක ට්විටර් ගිණුම් අත්හිටුවයි ඉන්දියාවේ මාධ්‍ය ආයතන දෙකක ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබූ පසුව නැවත ස්ථාපිත කර ඇත. 02 May 2023
දස දහස් ගණනින් මැකාවු එයි ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුවේ දී, ලොව විශාලතම සූදු පොළ යනුවෙන් හැඳින්වෙන මැකාවු දූපත් වෙත චීන වැසියන් දහස් ගණනක් පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 02 May 2023
පාකිස්තාන හමුදාපති චීන සංචාරයක පාකිස්තාන හමුදාපති ජනරාල් අසීම් මුනීර් සිවුදින සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. ජනරාල් අසීම් මුනීර්ගේ මෙම සංචාරයේ අරමුණ චීනය සහ පාකිස්තානය අතරේ පවතින ආරක්ෂක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. 27 April 2023
ජපන් සමාගමක් සඳට යැවූ යානය අක්‍රිය වෙලා ජපානයේ ‘ස්ටාර්ට් අප් ඉස්ස්පේස්’ නමැති සමාගම සඳට යානයක් යැවූ නමුත් එය අසාර්ථක වී තිබේ. පෞද්ගලික සමාගමක්, අභ්‍යවකාශ යානයක් සඳට යැවීමට තැත් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 27 April 2023
චීනයේ සාම සැලැස්ම අවතක්සේරු කන්න එපා රුසියන් යුක්රේන අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී, සකස් කළ සාම වැඩපිළිවෙළ අවතක්සේරු නොකරන්නැයි රුසියාව යුක්රේන රජයට දන්වා ඇත. 27 April 2023
ජනපති බයිඩන් කොරියන් ජනපති හමුවෙයි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. 27 April 2023
රසායනාගාරයක් කැරැලිකාර හමුදා ග්‍රහණයට ජීව විද්‍යාත්මක අවි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත රසායනාගාරයක් සුඩානයේ බලය අල්ලා ගැනීමට සටන් කරන කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ ග්‍රහණයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 April 2023
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන් ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කළේය. 26 April 2023
කෙන්යාවෙන් තවත් මළසිරුරු හමුවෙයි කෙන්යාවේ මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වල දමා තිබී ගොඩ ගත් මළසිරුරු ගණන 73 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෙන්යානු පොලිසිය ප්‍රකාශ කර ඇත. 25 April 2023
දකුණු කොරියානු ජනපති පිළිගන්න බයිඩන් සූදානමින් දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් සහ ජනාධිපති ආර්යා කිම් කියොන් හෛයි හෙට (25) ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණීමට නියමිතය. 25 April 2023
ඩ්‍රෝන ව්‍යාපෘතියට ඩොලර් බිලියන 6 ක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බවත්, ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 500 ක මුදලක් වැය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 25 April 2023
බයිඩන්ගේ තීරණය අද වසර 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තම ස්ථාවරය අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 25 April 2023
බෑන් කී මූන් හදිසියේම මියන්මාරයට එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන්, හදිසියේ මියන්මාරයට පැමිණියේය. 25 April 2023
ත්‍රස්ත මර්දන ඒකකයට බෝම්බ ප්‍රහාරයක් වයඹදිග පාකිස්තානයේ, ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩිය. 25 April 2023
සිංහයන්ගේ ජීවිත අනතුරේ සුඩාන හමුදා රජයේ, හමුදා සොල්දාදුවන් සහ අතිරේක හමුදා බලඇණියේ සොල්දාදුවන් අතරේ ආරම්භ වුණු දරුණු අවි ගැටුම් හේතුවෙන්, එරට සිංහයන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක කටයුතු ඇණහිට ඇතැයි වාර්තා වේ. 24 April 2023
සුඩානයේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් නෑ ගැටුම් හට ගැනීමත් සමඟ සුඩානයේ කර්ටෝම් අගනුවර සිටි සියලු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් ඉවත් කර ගත් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 24 April 2023
චීනයට එරෙහිව මිසයිල එකතු කර ගන්නවා ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 12 ක මුදලක් වැය කරමින්, දිගු දුර මිසයිල රැස් කිරීමේ සූදානමක් පවතින බවත්, ඕස්ට්‍රේලියාව එසේ කරන්නේ දිනෙන් දින චීනයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් බවත් පැවැසෙයි. 24 April 2023
රුසියන් නගරයක බෝම්බ බියක් රුසියාවේ, බෙල්ගරොඩ් නගරයේ ජනතාව ඉවත් කිරිමට නගර බලධාරීන් සහ පොලිසිය කටයුතු කළේය. ඒ බෝම්බ බියක් හේතුවෙනි. 23 April 2023
නූර් ජහාන් ඇතින්න මියයයි පාකිස්තානයේ, කරච්චි නුවර සත්වෝද්‍යානයේ සිටි නූර් ජහාන් නමැති අප්‍රිකානු ඇතින්න මියගිය බව, එම ඇතින්නට පසුගිය දින කීපය පුරා ප්‍රතිකාර ලබා දුන් ’ෆෝ පෝව්ස්’ නමැති සත්ව සුභසාධන පුණ්‍යායතනය පවසයි. 23 April 2023
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026