IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මධ්‍ය ප්‍රදේශ් - චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණ ඇරැඹේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්තවල ප්‍රාන්ත මැතිවරණ ආරම්භ විය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවක් වන අතර, චතිස්ගාර් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂයේ බලකොටුවකි.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ අනුව, මැතිවරණ කටයුතු ආරම්භ වූයේ විශේෂ ආරක්ෂාවක් යටතේය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව ආසන 230 කින් සමන්විත අතර බහුතරය සඳහා ආසන 116 ක් දිනා ගැනීම කළ යුතුය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන්නේ එක් අදියරකිනි.

චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණය අදියර දෙකකින් පැවැත්වෙන අතර, ආරම්භ වූයේ දෙවැනි අදියරයි. චතිස්ගාර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව ආසන 90 කින් සමන්විතය. බහුතරය සඳහා ආසන 46 ක් දිනාගත යුතුය.

ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 වසරේ දී පැවැත් වීමට නියමිත අතර, මධ්‍ය ප්‍රදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ පාලක භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇතැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මධ්‍ය ප්‍රදේශ් - චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site