
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ බිරිඳ රොසලීන් කාටර් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 96 කි.
ජෝර්ජියා නිවසේ දී තම ආදරණීය බිරිඳ දිවියෙන් සමුගත් බවත්, එම අවස්ථාවේ, පවුලේ සාමාජිකයන් සියලු දෙනා ඇය අසල සිටි බවත් ජිමී කාටර් නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.
ජිමී කාටර් සහ රොසලීන්, වැඩිම කාලයක් විවාහ වී සිටි, ඇමෙරිකන් ජනාධිපති යුවළ ලෙස ද සැලකෙයි. දෙදෙනා විවාහ වූයේ 1946 වසරේදීය. ඒ වනවිට ජිමී කාටර්ගේ වයස අවුරුදු 21 කි. රොසලීන්ගේ වයස අවුරුදු 18 කි.
අද වනවිට, 99 හැවිරිදි ජිමී කාටර්, ඇමෙරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා විය. ඔහු ඇමෙරිකන් ජනාධිපති ලෙසත්, රොසලීන් ජනාධිපති ආර්යාව ලෙසත් කටයුතු කළේ 1977 සිට 1981 තෙක් කාලයේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජිමී කාටර්ගේ බිරිඳ මියයයි