පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. 19 May 2023
පෙෂවෝර් නුවර බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ පෙෂවෝර් නුවර බෝම්බයක් පුපුරා ගිය බවත් එයින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තිදෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. 19 May 2023
ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර් ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ. 19 May 2023
‘ජී7’ සමුළුව ජපානයේ ඇරැඹේ මෙවර ‘ජී7’ සමුළුව ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විණි. හමුව පැවැත්වූයේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙනි. හිරෝෂිමා යනු අග්‍රාමාත්‍ය කිෂිඩාගේ උපන් නගරයයි. සමුළුව 21 අවසන් වෙයි. 19 May 2023
දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ප්‍රකාශ කර ඇත. 18 May 2023
අගවිනිසුරුගේ වැටුප වැඩියි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලබා ගන්නා වැටුපට වඩා වැඩි බව ‘පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල්’ වෙබ් පුවත් අඩවිය වාර්තා කර තිබේ. 18 May 2023
චීනයේ සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, චීනය සකස් කළ සාම සැලැස්ම, තමන්ගේ අවධානයට යොමු වී ඇතැයි යුක්රේන රජය පවසයි. 18 May 2023
මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් චීනයේ ප්‍රධානත්වයෙන් එරට සියෑන් නගරයේ දී ආරම්භ විය. 18 May 2023
ටයිටැනික් නැව ත්‍රිමාන කරලා අයිස් කන්දක හැපී, ගිලුණු ටයිැනික් නැවේ සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පරිගණක ඇසුරින් නිර්මාණය කිරීමට බීබීසී සමාගම කටයුතු කර තිබේ. 18 May 2023
උතුරු කොරියා නායකයා චන්ද්‍රිකාව අධීක්ෂණයට යයි උතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී. 17 May 2023
ඕස්ට්‍රේලියාවේ පාසල් බස් රියක් අනතුරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට නුදුරින් පාසල් බස් රියක් අනතුරට ලක් වී පෙරැළී යෑමෙන් පාසල් දරු දැරියන් හත් දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 17 May 2023
ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් නයිජීරියාවේ ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටි රිය පෙරහරකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 17 May 2023
ඇමෙරිකාව බංකොලොත්? ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, එරට භාණ්ඩාගාරයේ ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාලක ඩිමොක්රටික් පක්ෂය සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර පවතින මත ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය. 17 May 2023
ඇෆ්ගන් වැසියන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට තුන්නෙන් දෙකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවත්, එය මහා මානුෂීය ඛේදවාචකයක් බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 17 May 2023
‘මෝඛා’ මියන්මාරයේ 81 දෙනෙක් බිලිගනී මියන්මාරය කැලඹූ ‘මෝඛා’ සුළි කුණාටුව හේතුවෙන් එරට මියගිය ගණන මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් තිබේ. 17 May 2023
චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ පෙරැළී 39 ක් අතුරුදන් චීන ධීවර යාත්‍රාවක් ඉන්දීය සාගරයේ අනතුරට පත් වුණු බවත්, එහි සිටි 39 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 17 May 2023
මහාරාෂ්ටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහවහා යන ලකුණු ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අකෝලා නගරයේ හටගත් ආගමික ගැටුම්වලට දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ගැටුම් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වුණු ගණන 130 කකට වැඩිය. 17 May 2023
වෙලිංටන් නුවර නේවාසිකාගාරයක ගින්නක් වෙලිංටන් නුවර නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවත්, ගින්නට හසුවීමෙන් සය දෙනකු මියගිය බවත් තවත් බොහෝ දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 16 May 2023
දකුණු අප්‍රිකානු හමුදාපති රුසියාවේ මොස්කව් නුවරට දකුණු අප්‍රිකා හමුදාපති ප්රමුඛ එරට ජාතික ආරක්ෂක බලඇණියේ හමුදා ප්‍රධානීන් කණ්ඩායමක් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බව රුසියානු රජය පවසයි. 16 May 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ෆාමින්ටන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 16 May 2023
ඇල්බර්ටා ප්‍රාන්තයේ ළැව් ගිනි දරුණු වෙයි කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පැතිරෙන ළැව් ගිනි දරුණු වෙමින් පවතී. ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කර ඇත. 16 May 2023
පරිනීතිගේ විවාහ ගිවිස ගැනීම බොලිවුඩ් සුරූපිනී පරිනීති චොප්රා සහ රාඝව් චාදාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදුවිය. රාඝව් චාදා සිනමා ක්ෂේත්රයට සම්බන්ධ අයකු නොවන අතර ඔහු ‘ආම් ආද්මී’ දේශපාලන පක්ෂයේ තරුණ නායකයෙකි. 15 May 2023
ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දෙනවා රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දැක්වීමට ජර්මනිය සූදානමින් සිටින බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැවැසුවේය. 15 May 2023
විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරියෙන් තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර, එරට ප්‍රගතශීලී විපක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු ‘පෙරමුණ පක්ෂය’ සහ ‘පූ තායි’ පක්ෂය ඉදිරියට පැමිණ සිටින බව වාර්තා වේ. 15 May 2023
නිදහස ලැබූ ඉම්රාන් ආපසු නිවසට දින දෙකක් රිමාන්ඩ් භාරයේ සිට නිදහස ලැබූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර සිය නිවස බලා පැමිණියේය. 14 May 2023
චාල්ස් රජු හමුවුණු විදෙස් ඇමැතිට විරෝධයක් පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය ජස්ටින් ටකැචෙන්කෝ ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 May 2023
කර්ණාටක මැතිවරණය: මෝදි පරදී: රාහුල්ට ජය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැලකෙන, රාහුල් ගාන්ධිගේ ‘කොංග්රස්’ පක්ෂයට නතු විය. 14 May 2023
හිටපු අගමැති තක්ෂින්ගේ දියණියත් අගමැති සටනට තායිලන්ත මහ මැතිවරණය පැවැත්විණි. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 ට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අරමුණින්ය. 14 May 2023
යුක්රේන ජනපති වතිකානයට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් අ පැවැත්වීමට නියමිතය. 12 May 2023
ඇමෙරිකාවේ ‘කොවිඩ්’ හදිසි තත්ත්වය ඉවතට වසර 3 ක් සහ දින 100 කට පසු,‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ පැවැති මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. 12 May 2023
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026