චීනය මගී ගුවන් යානයක් හදලා චීනය දේශීය වශයෙන් නිපදවූ පළමු විශාලතම දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) පළමු පියසැරිය ආරම්භ කිරීමට නියමිතය. 28 May 2023
පාකිස්තානයේ නායයෑමක් 10 ක් මරුට උතුරුදිග පාකිස්තානයේ සිදුවුණු හිමකඳු නායයෑමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනකු හිම තට්ටු අතරේ සිරවී සිටින බව පැවැසෙයි. 28 May 2023
සාමයට යෑම පහසු නෑ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ චීන සාම නියෝජිත ලී හුයි අතරේ හමුවක් පැවැත්විණි. රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, චීනය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇත. එම සාම සැලැස්ම වෙනුවෙන් පෙනී සිටින සාම නියෝජිතයා ලී හුයි ය. 28 May 2023
විරෝධය මැද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී දෘපදී මුර්මු අතින් සිදුවිය. ඒ උදෑසන 7.30 යෙදී තිබුණු සුබ මොහොතිනි. 28 May 2023
මලාලා යූසොෆ්සායි බ්‍රසීලයේ සංචාරයක නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, පාකිස්තාන ජාතික බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනී මලාලා යූසොෆ්සායි සැමියා ද සමඟ බ්‍රසීලයේ සංචාරයක නියැලෙයි. 26 May 2023
දකුණු කොරියානු රොකට්ටුව උඩු ගුවනට දකුණු කොරියාව සියයට සියයක් එරට තාක්ෂණයෙන් නිපදවූ ‘නූරි’ නමැති රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කළේය. මීට පෙර අවස්ථා තුනකදී රොකට්ටුව ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක විය. 26 May 2023
ජපානයේ වෙඩි තැබීමක් පිහි ප්‍රහාරයක්: 4 ක් මරුට ජපානයේ නගානෝ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් සහ පිහි ප්‍රහාරයකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ප්‍රහාරයට ලක්වූවන් අතර කන්තාවක සිටින බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බවත් පැවැසෙයි. 26 May 2023
චීනයේ අලුත් කොරෝනා රැල්ලක් චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇත. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, එරට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයට අයත් උප ප්‍රභේද දෙකකි. එම උප ප්‍රභේද ‘එක්ස්බීබී 1.9.1’ සහ ‘එක්ස්බීබී 1.5’ යනුවෙන් නම් කර තිබේ. 26 May 2023
යුක්රේනයේ චීන නියෝචිත රුසියාවට යුක්රේනයට පත් කර සිටින චීන නියෝජිත ලී හුයි රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවී රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. 26 May 2023
රුසියාවට කවදාවත් යුක්රේනය දිනාගන්න බෑ යුක්රේනය ආක්‍රමණය කළ රුසියාවට, කිසිම දිනෙක යුදමය ජයග්‍රහණයක් නොලැබෙනු ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය වසර ගණනක් දිග් ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් හමුදාපති ජනරාල් මයික් මයිලි පවසයි. 26 May 2023
ගායිකා ටීනා ටර්නර් සමුගනී ලොව ජනප්‍රිය ගායිකාවක වන ටීනා ටර්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මිය යන විට ඇය 83 වැනි වියේ පසුවිය. 25 May 2023
දකුණු අප්‍රිකාවේ කොලරා වසංගතයක්: 15 ක් මියයති දකුණු අප්‍රිකාවේ කොලරා වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. දකුණු අප්‍රිකා වැසියන් රජයට චෝදනා කරන්නේ බීමට හෝ ගෙදරදොර කටයුතු කරගෙන යෑමට පිරිසුදු පානීය ජලය නිසි ලෙස නොලැබීම කොලරා වසංගතයට හේතුවක් බවය. 25 May 2023
විදෙස් සංචාර අවසන්: මෝදි ආපසු ඉන්දියාවේ සය දින විදෙස් නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළි ඉන්දියාව බලා පැමිණියේය. 25 May 2023
මිලියන දෙකක් මැරිලා අත්‍යන්ත කාලගුණික තත්ත්ව හේතුවෙන් ඉකුත් වසර 50 කාලයේදී මිලියන දෙකකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් මේ කාලයේ දී සිදුව ඇති ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක ඉක්මවයි. 23 May 2023
‘මෙටා’ සමාගමට දඩ ෆේස්බුක් සමාගමේ හිමිකාරීත්වය දරන ‘මෙටා’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක (යූරෝ බිලියන 1.2) දඩයක් නියම වී තිබේ. 23 May 2023
ඉන්දුනීසියා ගිනි කන්ද පුපුරයි ඉන්දුනීසියාවේ ‘මෙරාපි’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘මෙරාපි’ යනු පෘථිවියේ වඩාත් සක්‍රීය ගිනි කඳුවලින් එකකි. 23 May 2023
මෝදි ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගෙන් මෙන්ම එරට වෙසන ඉන්දියානු වැසියන්ගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 23 May 2023
ගයනාවේ ගින්නක්: 21 ක් මියයති ලතින් ඇමෙරිකාවට අයත් ගයනා රාජ්‍යයේ පාසල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ මධ්‍යම ගයනාවේ මහ්දියා පාසලේය. 23 May 2023
රුසියන් අගමැති චීනයේ රුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට පැමිණියේය. රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නියෝජනය කරමින්, චීනය සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම් කීපයකට අත්සන් තැබීමටය. 23 May 2023
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත. 22 May 2023
දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක් දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක් පැතිරෙන බවත්, මේ වනවිටත් 10 දෙනකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. කොළරා වසංගතය පැතිරෙන්නේ ගුටෙන්ග් පළාතේය. 22 May 2023
ප්‍රංශ නගරයක වෙඩි තැබීමක් ප්‍රංශයේ මාසෙල් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීමෙන් මියගියේ මෝටර් රථයක් තුළ සිටි තිදෙනෙකි. 22 May 2023
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරයි ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇති බැවින්, කැටලිනා දූපතේ ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට බලධාරීහු පියවර ගත්හ. 22 May 2023
ග්‍රීක මහ මැතිවරණයෙන් අගමැති කිරියාකෝස්ට ජය ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ග්‍රීසියේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය කිරියාකෝස් මිට්සෝටාකීස් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ‘නව ප්රජාතන්ත්රවාදී’ පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළ බවය. 22 May 2023
බක්මුට් නගරය රුසියාව අල්ලා ගත්තේ නෑ රුසියානු හමුදා, වැග්නර් කුලී හේවායන්ගේ සහාය ඇතිව යුක්රේනයේ බක්මුට් නගරය අත්පත් කරගත් බවට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ප්‍රකාශය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. 22 May 2023
මෝදි පැපුවා නිව් ගිනියාවේ ජපානයේ හිරෝෂීමා නුවර ‘ජී7’ සමුළුවට, ආරාධිතයකු ලෙස සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආපසු ඉන්දියාව බලා යද්දී පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බි නුවරට ගොස් පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ හමුවිය. 22 May 2023
යුක්රේන ජනපති මෝදි හමුවෙයි ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි. 21 May 2023
යුක්රේන ජනපතිට ගුවන් යානයක් දුන්නේ ප්‍රංශය ජපානයේ ’ජී7’ සමුළුවට සහභාගී වීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජපානයේ හිරෝෂීමා නුවර බලා පැමිණියේ ප්‍රංශ හමුදා ගුවන් යානයකිනි. 21 May 2023
ජී7 සමුළුවට සෙලන්ස්කී එනවා ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති සෙලේන්ස්කී ද සහභාගී වනු ඇතැයි පැවැසෙයි. 19 May 2023
ඉතාලියේ ජල ගැලීම්: 13 ක් මරුට ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. 19 May 2023
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026