IMG-LOGO

ඇමෙරිකන් කොංග්‍රසයට ක්‍රෙම්ලීනයේ පැසැසුම්

ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් රජය, යුක්රේනයට ලබා දීමට සූදානම් වන හදිසි මුදල් ආධාර පැකේජය, එරට පාරිලිමේන්තුවේදී (කොංග්‍රස් මණ්ඩලය) සම්මත නොවීම සම්බන්ධයෙන්, රුසියන් පාරිලිමේන්තුව (ක්‍රෙම්ලීනයේ) සතුට පළ කර තිබේ.

බයිඩන් රජය, කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර කිබුණේ, රුසියන් ආක්‍රමණය හමුවේ පීඩාවට පත් යුක්රේනයටත්, හමාස් සංවිධානය සමඟ යුද වදින ඊශ්‍රායලයටත් හදිසි ආධාර පැකේජයක් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 106 ක මුදලක් ලබා දීමටය.

එම යෝජනාවට අදාල පනත් කෙටුම්පත කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සියලු දෙනා ඊට විරෝධය දැක්වීය. කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය ඇත්තේ, බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. රිපබ්ලිකන්වරුන් පනතට විරෝධය දැක්වූයේ දිනෙන් දින මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් මර්දනය කිරීමට බයිඩන් පරිපාලනය අපොහාසත් වී ඇති බව පෙන්වා දෙමිනි.

රිපබ්ලිකන්වරුන් ඉල්ලා ඇත්තේ ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවය.

යුක්රේනයට ලබා දීමට සූදානම් එම මුදල් ආධාර නැවැත්වීමට කොංග්‍රසය ගත් තීරණයෙන් පෙනී යන්නේ, කොංග්‍රස් සාමාජිකයන් අතර නිවැරදි තීන්දු තිරණ ගැනීමට හැකි ඇමෙරිකානුවන් සිටින බව යැයි රුසියන් පාරිලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනය වෙනුවෙන් එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකන් කොංග්‍රසයට ක්‍රෙම්ලීනයේ පැසැසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site