IMG-LOGO

ඊශ්‍රායලයට ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා ආධාර

ඇමෙරිකාවෙන්, තමන්ට ටොන් 10,000 ක හමුදා උපකරණ තොගයක් ලැබුණු බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය පවසන ආකාරයට, මෙම හමුදා උපකරණ ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව අදියර කීපයක් යටතේය. ඇමෙරිකන් හමුදා ගුවන් යානා, ගමන් වාර 200 කදී මෙම හමුදා උපකරණ රැගෙනවිත් තිබේ.

මේ අතර, ඊශ්‍රායල හමුදාව, දිගින් දිගටම ගාසා තීරණයට එල්ල කරන ප්‍රහාර තවත් ඉවසිය නොහැකි යැයි ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී මේජර් ජනරාල් හොසේන් සලාමී පවසයි.

ඊශ්‍රායල රජය, ගාසා තීරයට පහර දෙන්නේ පලස්තීන වැසියන්ගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නොකර බවත්, ඊශ්‍රායලයේ අරමුණ දේශපාලනික එකක් බවත් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ඊශ්‍රායල හමුදාව යළිත් වරක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත පහර දෙන්නේ, දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබුණු මානුෂීය සටන් විරාමය අසාර්ථක වී අවසන් වුණු බැවිනි.

(අල් ජසීරා)



අදහස් (0)

ඊශ්‍රායලයට ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 27 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1563 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1690 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site