
වසර සියයක් ආයු වළදා ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් අභාවප්‍රාප්ත විය. ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමෙහිලා කැපී පෙනෙන මෙහෙවරක් කළ කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කිසිංගර් ගෞරවයට පාත්‍ර වූ අයෙකි.
ඔහු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය පමණක් නොව, ජාතික ආරක්ෂක ලේකම් ධුරයත් හොබවා ඇත. ඒ, නික්සන් සහ ෆෝඞ් ජනාධිපතිවරුන් යටතේය. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ කිසිංගර් යුද අපරාධකරුවකු යැයි ද හඳුන්වා දී ඇත. චිලී රාජ්‍යයේ වාමාංශික රජය පෙරළා දැමුණු කුමන්ත්‍රණයේ දී කැරැලිකාර පාර්ශ්වයට සහාය ලබා දුන්නේ කිසිංගර් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd