IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇමෙරිකාවෙන් ඉන්දීයාවට චෝදනා

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය උත්සාහ ගත් කළේ යැයි ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා නගයි.

එල්ල වන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය රජයට චෝදනා එල්ල වී ඇත්තේ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ඇමෙරිකන් පුරවැසියකු ද වන සීක් ජාතික තරුණයකු ඝාතනය කිරීම උත්සාහ ගත් බවටය.

මෙම තරුණයා සීක් බෙදුම්වාදී කණ්ඩායමකට අයත් සාමාජිකයෙකි. ඉන්දියාවට අනුව, ඔහු කලිස්තානී සීක් බෙදුම්වාදී ත්‍රස්තවාදියෙකි.

එම තරුණයා ඝාතනය කිරීමට තැත් කළ බව පැවැසෙන්නේ නිකිල් ගුප්තා නමැත්තාය. මොහු ඉන්දීය රජයේ ඒජන්තවරයකු යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි.

ඝාතන තැත ව්‍යර්ථ වී ඇත්තේ ඇමෙරිකන් ආරක්ෂක අංශ මැදිහත් වීමෙනි.



අදහස් (0)

ඇමෙරිකාවෙන් ඉන්දීයාවට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site