
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදි කෙරෙමින් තිබූ උමං මාර්ගයක් කඩා වැටී, දින 10 ක් තිස්සේ, ඒ තුළ සිර වී සිටින කම්කරුවන් 41 ක් දෙනා බේරා ගැනීමට, තවමත් හැකියාවක් ලැබී නැති බවත්, නිරුපද්‍රිතව සිටින එම පිරිස කෙසේ හෝ මුදා ගැනීමට පියවර ගන්නා බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
උමගේ එක් කොටසක් බිමට සමතලා වීමෙන්, මෙම කම්කරුවන් උමඟ තුළ සිරවූයේ පසුගිය 12 වැනිදාය. ඔවුන් සිරවී සිටින තැන හාරා නල මාර්ගයෙන් ආහාර ලබා දීම සහ ඔන්කිසජන් ලබා දීම දිගටම සිදුවෙමින් පවතී. කැමරා ආධාරයෙන් සිරවී සිටින කම්කරුවන් පිරිස දැක ගැනීමට ද මේ වනවිට හැකියාව ලැබී ඇතැයි ද පැවැසෙයි. සිරවී සිටින්නේ සංක්‍රමණික කම්කරුවන් පිරිසකි. ඔවුන් බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් ප්‍රාන්ත වැසියන් බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd