
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත.
1983 වසරේ ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේය. එදා ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය කරා මෙහෙයවීම කෙළ් කපිල් දේව්ය.
‘මට කිසිම කෙනෙක් ආරාධනා කළේ නැහැ. සංවිධායකයන්ට මාව අමතක වුණා.’ යැයි කපිල් දේව් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.
ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර පසුගිය දා පැවැති අවසන් මහා තරගය නැරැඹීමට ඉන්දීය බොලිවුඞ් තරු රැසක් ඇරැයුම් ලැබ පැමිණ සිටියහ. බොලිවුඞ් නළු රන්වීර් කපූර් ද ඒ අතර සිටියේය.
2021 වසරේ තිරගත වූ ‘83’ නමැති බොලිවුඞ් චිත්‍රපටයේ කපිල් දේව්ගේ රචිතය රඟ දැක්වූයේ රන්වීර් ය. ‘83’ යනු කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලනය ජයග්‍රහණය කිරීම පාදක කර ගත් චිත්‍රපටයයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සංවිධායක මණ්ඩලය, කපිල් දේව්ට ඇරැයුම් නොකර, කපිල් දේව්ගේ චරිතය නිරූපණය කළ රන්වීර් සිංට ඇරැයුම් කිරීම විහිළුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කපිල් දේව් කනස්සල්ලෙන්
මැක්ස් Tuesday, 21 November 2023 11:52 AM
බලාගෙන ගියාම කොහෙත් එකයි. සීනි බෝලවලට ඇති තැන සොබාව්ක රසට නෑ. මෙහෙයි අනෙක් රටවලයි වෙනස තියෙන්නෙ මේ වගේ වැඩවලටත් බැනුම් අහන්න මහින්ද මහත්තයා ඉන්න එක.
නිහාල් Tuesday, 21 November 2023 06:30 PM
මේ රටේ හින්දා බැනුම් අහල බේරිල ඉන්නෙ . නීතිය ක්‍රියාත්මක වෙන රටකනම් බේරෙන්න බෑ. මෝඩයින් ව ගොනාට අන්දවගෙන නෙ ඉන්නෙ.
සෙනෙවිරත්න Tuesday, 21 November 2023 12:44 PM
මහින්ද මහත්මයා කලා නම් එයාට බනිනව.පැත්තක තියෙන ඒවට බනින්න රටේ ජනතාවට පිස්සු නැහැ.හැබැයි රටේ ප්‍රශ්න වලට හේතු හොයා බැලුවොත් බාගයකට හේතුව එයා තමයි.
Bamunuarachchi Tuesday, 21 November 2023 07:52 PM
සෙනවිරත්න ඔහේ නියම ජෙප්පෙක්. හලෝ සාධක ඇතුව කථා කොරනවා එතකොට මහින්ද නොවෙයි අපි උත්තර දෙන්නම්. බමුණුආරච්ච් කථා කොරන්නේ සාධක පෙන්නල මිසක් වනලා ගහන්නේ නැත. රටේ ප්‍රශ්න වලට එයා හේතු උනේ කොහොමද? අවුරුදු 30 ප්‍රශ්නය එයා විසඳුවේ නැතිනම් මේ වෙනකොට රට පාලනය කරන්නේ ප්‍රභාකරන්. මොකද ප්‍රභාකරන් කිව්වා පළමුව ඊලම් දෙවනුව එල්ලාම් කියලා.
pakeer Tuesday, 21 November 2023 05:53 PM
වැඩේ කියන්නේ කපිල හිතන්නෙත් ,මහින්දයා හිතන විදිහටම තමයි .හැමදාම එයා තමයි පොර .තමන් රටට වැඩක් කරානම් .ඒක එච්චරයි .ආයේ ඕක පස්සේ ගිහින් ගිහින් ඇඹලයෝ වගේ ලෙවකන්න යන්න එපා.