
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. රුසියන්-යුක්රේන අර්බුදය, උතුරු කොරියාවෙන් ලෝකයට එල්ල වන තර්ජන සහ ඊශ්‍රායල-හමාස් ගැටුම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
ප්‍රංශ ජනාධිපති සහ චීන ජනාධිපති අතරේ මෙසේ දුරකතන සාකච්ඡාවක් පැවැත්වූයේ, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මුහුණට මුහුණ හමුවී ආපසු පැමිණීමෙන් පසුවය.
රුසියන්-යුක්රේන අර්බුදය කඩිනමින් සමථයකට පත් කිරීමට චීනය මැදිහත් විය යුතු බව ප්‍රංශ ජනාධිපති මැක්රොන්, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවේ පෙන්වා දුන්නේය. රුසියන්-යුක්රේන අර්බුදයට චීනය සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
ඊට අමතරව, චීනයේ අසල්වැසියා වන උතුරු කොරියාවට චීනය සහාය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති මැක්රොන් කනස්සල්ල පළ කළේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනපතිවරු දෙදෙනා ඒකමතිකව පිළිගත්හ. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වීරාජ්‍ය විසඳුමක් යැයි ජනාධිපතිවරුන් දෙදෙනා ඒකමතිකව තීරණය කළ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd