නිධන් හොරු දෙදෙනෙක් අත්අඩංගුවට ගලේවෙල ඉහල බම්මබාව ප්‍රදේශයේ ඉඩමක ගල්තලාවක නිදන් ගැනීමට ගිය බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 03 March 2017
දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් ලන්ඩනයෙන් සොයාගනී ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඉදිකරන වැඩබිමක තිබී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බව කියන පුපුරා නොගිය බෝම්බයක් සොයාගෙන ඇත. 03 March 2017
’විදේශ ඇමැති අල් හුසේන් කුමරු සමඟ සාකච්ඡාවක’ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 03 March 2017
එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේදී සිදුවුවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝණ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග කියා සිටී. 03 March 2017
බස්නාහිර පළාතේ වෛද්‍යවරු හෙට වැඩ වරති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (03) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 02 March 2017
පොලිස් ආරක්ෂාව මැද සිටි සැකකරු රෝහලෙන් පළා යයි පොලිස් ආරක්ෂාව මැද මන්නාරම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්නාරම මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇතැයි උතුරු පළාත් පොලිස් ප්‍රධානියෙක් ‘ලංකාදීපය‘ට පැවසීය. 02 March 2017
පිළිකා ඔෟෂධ එන්නත් ගෙන්වීමේ වංචාවක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කියයි පියයුරු පිළිකා සඳහා භාවිත කරන ඖෂධ ආනයනය කිරීමේදී කිසිදු ආකාරයක වංචාවක් සිදුව නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 02 March 2017
මාධ්‍ය මර්දනයට අණ දුන් අය හෙළිදරව් කරන්න’යි වමේ කේන්ද්‍රය කියයි මාධ්‍ය මර්ධනයට බුද්ධි අංශ යොදා ගත් හා එවාට අණ දුන් ප්‍රබලයන් වහා හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි වමේ කේන්ද්‍රය කියයි. 02 March 2017
රාජ්‍ය නායකයන් ලබාගත් ණය නාස්ති කරලා යයි ලාල්කාන්ත කියයි මෛත්‍රී, රනිල්, මහින්ද, චන්ද්‍රිකා රටේ නායකයින් ණය ලබාගෙන එම මුදල් නිසි අකාරව අදායම් ලැබෙන පරිදි යොදවා නොමැති බව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. 02 March 2017
ආයෝජකයන් රට හැර යන බව මහාචාර්ය තිස්ස විතාරණ කියයි කැබිනට් මණ්ඩලයේ ඉහළ පවතින හැල හැප්පීම් මතභේද හා පරස්පරයන් මෙන්ම මහබැංකු අධිපති හා මුදල් ඇමති අතර ඇති හැප්පීම් නිසා ආයෝජකයින් මේ රට අතහරින ස්වභාවයක් ඇතැයි ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි. 02 March 2017
අර්ජුන් මහේන්ද්‍රන් ණය දෙපාර්තමේන්තුවටත් ගිහින් බැඳුම්කර නිකුතුව සිදු වන අවස්ථාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අර්ජුන් මහෙන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සිදු වු රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ කාර්යාලයට පැමිණියේ යැයි ද මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයකු කිසිම දිනෙක බැඳුම්කර නිකුතුවක් සිදු වන අවස්ථාවේදී එම කාර්යාලයට පැමිණ නැතැයි ද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා පැවසීය. 02 March 2017
රත්මලානේ 20 දෙනා 13 වැනිදා දක්වා රිමාන්ඩ් ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි තිබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 20 දෙනකු මාර්තු 13 දක්වා රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායි මහතා නියෝග කළේය. 02 March 2017
සතොසේ සහල් අඩු මිලට උපරිම සිල්ලර මිල රුපියල් 78ක් ලෙස නියම කර ඇති දේශීය රතු සහ සුදු කැකුලු සහල් කිලෝවක් ලක් සතොස අලෙවිසල්වලින් රුපියල් 75කට අද (03) සිට මිලදී ගත හැකි බව ද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 02 March 2017
රවීට එරෙහිව නඩු පවරන්න ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට එරෙහිව ඉදිරි සතියේදී නඩු කිහිපයක් පැවරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 02 March 2017
මීගමුව රෝහලේ පානීය ජල ටැංකියට මළ අපද්‍රව්‍ය මිශ්‍ර වෙයි මීගමුව රෝහලේ පානීය ජල ටැංකියට අසූචි මිශ්‍ර වී ඇති බවට පරික්ෂණයකින් තහවුරු වී ඇතැයි මීගමුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය වෛද්‍ය ලලිත් ඉන්දික රණසිංහ මහතා පවසයි. 02 March 2017
පැරීසියේ කොටි අතරමං වෙති පැරීසියේ සිට ක්‍රියාත්මක වන එල්ටිටිඊ සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් විසින් පැරීසියේ කලාප අංක 11හී පිහිටි මහජන (රිපබ්ලික්) චතුරශ්‍රයේදී මාර්තු 01 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීය. 02 March 2017
කෘෂි පීඨ සිසුන් 15 දෙනාත් මාර්තු 16 දක්වා රිමාන්ඩ් සිසුන් අට දෙනකු නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය දුන් බව කියන සිද්ධියේ සැකකාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨ සිසුන් 15 දෙනා මෙම මස 16 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා අද (02) නියෝග කළේය. 02 March 2017
අනුර සේනානායක මාර්තු 16 දක්වා රිමාන්ඩ් ර්ගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්තු 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (2) නියෝග කළේය. 02 March 2017
රන්ජන්ගේ පැමිණිල්ල ගැන පොලිසිය සාක්කි සොයයි මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජන කළැයි සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කර ගැනීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 02 March 2017
වකුගඩු ජාවාරම්කරුට රුපියල් ලක්ෂයක් දඩ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකරුවෙකු වන මොහොමඩ් ඉස්දියාන්ට වසරක සිරදඬුවම් වසර පහකට අත්හිටවු බවත් ඔහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (2) නියෝග කළේය. 02 March 2017
උතුරේ රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති උතුරේ ආයුධ සන්නද්ධ කල්ලි තමන්ට සේවය කිරීමට නොහැකි මානසිකත්වයක් සකස් කර ඇතැයි කියමින් රජයේ සේවකයින් පිරිසක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 02 March 2017
යුද අපරාධ විමර්ශනයට බල කරන්නයි ද්‍රවිඩ පක්ෂ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි දෙමළ බෙදුම්වාදීන් සමඟ වසර 36කට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී. 02 March 2017
‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘ රුපියල් මිලියන 1500ක් වැය කරමින් පිළිකා රෝගීන්ට අහිතකර එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධයක් සිදු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය කරමින් මෙම එන්නත් ගෙන්වා ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය කියයි. 02 March 2017
ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 13 ක් අත්අඩංගුවට ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 02 March 2017
ගල්කිස්ස උසාවියේ ගිනි අවි තිබුණාට 24 ක් සැකපිට අත්අඩංගුවට ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි දෙකක් හමු වීමෙන් පසු ගල්කිස්ස ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 24 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 March 2017
සමීරට වෙඩි තැබීමේ ප්රශ්නය දඩමීමා කරගෙන දරුවන් අපහසුතාවට ඇද දමන්න එපා සයිටම් හිටපු ප්‍රධාන විධායක සමීර සේනාරත්නගේ ප්රශ්නය දඩමීමා කරගෙන සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 01 March 2017
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි පෙත්සමට ඒකල ජනතාවගෙන් සහයෝගය මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි වීම සඳහා ඒකල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට අද ශ්‍රේෂඨාධිකරණය අවසර දුන්නේය. 01 March 2017
‘ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක් කිසිවකු වංචාකාරී ලෙසින් ගත් බව පෑන් ඒෂියා බැංකුවෙන් කිව්වා‘ තමා සහ සිඩ්නි ජයසිංහ මහතා එක්ව ලංකාවේ යකඩ කර්මාන්ත ශාලාවක් කරගෙන ගිය බවත් එහි සේවකයින් 400ක් අතර උදය ගම්මන්පිල මහතා ද සිටි බවත් ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඔස්ටේ්රලියානු ජාතික බ්‍රැඩ් සැඩික් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ කියා සිටියේය. 01 March 2017
විදේශ ඇමති බ්‍රිතාන්‍යයේ උප රාජ්‍ය ලේකම් හමුවෙයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය ලේකම් හා ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහතා අතර හමුවක් සිදුව තිබේ. 01 March 2017
පාතාල මැර ක්‍රියා මඬින්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් දිනෙන් දින ඉහළ යන පාතාල මැර කල්ලිවල ක්‍රියා මැඩ පැවැත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 01 March 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026