හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ උප නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරිමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පිට වී ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් , මහජන මතයට ගරු කිරීමක්
පවතින තත්වය වෙනස් කල හැක්කේ පක්ෂය තුල රැදී සිටිමින් නව රැල්ලක් නිර්මාණය කිරීමෙන් පමණි. ජ්‍යෙෂ්ට මන්ත්‍රී වරයෙක් වශයෙන්, තරුණ පිරිසේත් සහය ලබාගෙන , පක්ෂයේ වෙනසක් ඇති කිරීමට උත්සහ ගත්තානම් මීට වඩා හොඳයි.
පක්ෂය තුලින් වගේම ජනතාවත් දුෂිත දේශපාලුවන්ට විරෝධය පළකරන්න ඕන.
මෙතුමා පසුගිය මැතිවරණයෙන් පැරදුනද කියා මා හරියටම දන්නේ නැහැ, පැරදුනානම් ප්‍රබලයෙක් වෙන්න බැහැ
ජෝෂප් මයිකල් මහතාට අපගේ උත්තමාචාරය!
ඔබ තුමාට අපගේ ප්‍රණාමය!!!
බලාගෙන, දැන් මුළු පක්ෂෙම කඩාගෙන වැටෙයි!
ලොකු දෙයක්. මෙච්චර කල් මොනවද කලේ? තවත් ඉන්නවා පරාද වුනත් යන්නේ නැති චරිත. කරුණාකරලා පුළුවන් අයට දීලා යන්නකො. මම UNP එකට ආදරෙයි. එනිසයි මේ කමෙන්ට් එක දැම්මේ.
අැමතිකමෙන් ඉවත් කළ කෙනෙක් පක්ෂයේ ලොකු තනතුරකට දාලා. මට හිතෙනවා එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය තුළ තමන්ට හිමි භූමිකාව හමාර කර ඉතිහාසයේ කුනු බක්කියට වැටෙමින් සිටිනවාදෝ කියා. මේ පක්ෂයේ ගොඩක් මතවාදයන් ලංකාවේ සමාජය හා පෑහෙන්නෑ. කොටින්ම කිව්වොත් රුධිරය අත්ශ්‍ය රෝගියෙකුට නොගැලපෙන වර්ගයේ රුධිරයක් දුන්නා වගේ හැම දේම. ගොවියන්ට ජලය හා පොහොර ඔ්නෑ වෙනකොට ගිහින් වයිෆයි දෙන්න කථා කරනවා. ජනතාව දේශපාලනයේ හෝඩිය දන්නෑ හැබැයි වියා කරණ උගන්නන්න හදනවා.
මේ පරණ අයියල ටික ඔක්කොම ගෙදර යන්න ඕන.
පාක්ෂිකයෝ හැටියට අපටත් පක්ෂය එපා වෙන තරමට කලකිරිලා.
ජෝසප් මයිකල් පෙරේරා මහතා පක්ෂ, විපක්ෂ බොහෝ දෙනාගේ සිත් දිනාගත් අයෙකු වෙනවා. එවැනි කෙනෙකු නොසලකා හැර හොරකම් චෝදනා තිබෙන රටටම එපාවූ රවී වැනි කෙනෙකුට නුසුදුසු ලෙස ඉහළ තැනක් ලබාදීම අනිවාර්යයෙන්ම අනිටු ප්‍රතිඵල ගෙනදේවි.