(ජේ.කේ.එල් චාමින්ද සහ සසිරංගිකා ලොකුකරවිට)
එංගලන්ත ජාතික රිචඩ් පර්මින් නැමති හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට විරෝධය දක්වා හෙට (27) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරයා සිය සේවා කටයුතු වලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට තීන්දු කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය සංචිත සමරරත්න මහතා පවසයි.
අද (26) දින පෙරවරුවේදි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව රැස්වු බවද එහිදි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනිම සදහා කාරාපිටිය ශඛාවේ වෛද්‍යවරු එකමතික තීන්දු කළ බවද වෛද්‍ය සමරරත්න මහතා පැවසීය.
ඔහු මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කිවේය.
‘ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් නිකුත් කරන බලපත්‍රයක් නොමැති මෙම වෛද්‍යවරයා විසින් අද (26) දින කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් කරනවා.
මේ ගැන සාකච්ඡා කිරිම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරු රැස්වුණා.එහිදි තින්දුවක් ගත්තා හෙට දින රෝහලේ වෛද්‍යවරු සියලු දෙනා සේවා කටයුතු වලින් ඉවත්ව මෙයට විරෝධය දැක්විමට. මේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජේනරාල්තුමාට අපි ලිඛිතව දැනුම් දුන්නා. හෙට (27) උදෑසන කරාපිටිය ශඛාවේ වෛද්‍ය වරු රැස්වි තින්දුවක් ගන්නවා.මෙම වර්ජනය හෙට දිනය තුළ පමණක් ගන්නවාද නැතිනම් තවදුරටත් කරගෙන යනවාද කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුය...!!!
කරුණාකර ලංකාවේ වෛද්‍යවරුන්ට වාර්ෂිකව බලපත්‍ර නිකුත් කිරීම පටන් ගන්න. නැතිනම් මේ උද්දච්ච මුල මතක නැති වෘත්තිකයන් කොට්ටාශය මට්ටු කරන්න බැහැ. මහජන මුදලින් ඉගෙන ගෙන , මහජනයාටම සේවාව පැහැර හරිනවා. ඒ වුනාට මේ දොස්තරවරු පිටරටවල ගිහින් එහෙ රෝහල් වල වැඩ. පිටරටකින් නෙවෙයි අභ්‍යවකාශයෙන් හරි කමක් නැහැ, ලංකාවේ මහජනයාට සේවාවක් සලසනවා නම් වැදගත් එච්චරයි.
කරුණාකරලා අපිට කියන්න මේ එංගලන්තේ දොස්තර මහතා දැනට අවුරුදු කීයක් ඔය ඉස්පිරිතාලේ වැඩ කලාද? සැත්කම් කීයක් කලාද? කී දෙනෙක් සැත්කම් වලින් මලාද? GMOA එකට බැරිනම් සෞඛ්‍ය අමාත්‍යාංශය හරි ජනතාව දැනුවත් කරන්න
ලංකාවේ වෛද්‍යවරුන් හරිම අසාධාරණයි. ඔය වෛද්‍යතුමා කුඩා ළමයින්ට ඔය සැත්කම කරන්නේ නොමිලේ. ලංකාවේ ඉන්න අයට පුද්ගලික චැනල් වලින් හම්බු කරන්න තියන අවස්ථා අඩු වෙන හින්දනේ ඔය වර්ජනය කරන්නේ. කුහකයි .
මොහු සැත්කම් කරන්නේ ලංකාවෙනෙ, එංගලන්ත වෛද්‍ය සභාවේ අවසර මොකටද? අපි තව දුරටත් එංගලන්තේ යටත් විජිතයක් නොවේනේ ? ලංකාවේ බලධාරීන්ගෙන් මොහුට අවසර ලැබිල තියෙනවනේ ? ලංකාවේ සැත්කම් කරන දේශීය විදේශීය හැම වෛද්‍යවරයෙකුම එංගලන්තෙන් අවසර ගන්න ඕනෙද ? ලංකාවේ හෘද සැත්කම් කරන වෛද්‍යවරු ඉන්නේ 22 ලංකාවේ ඉන්න ජනගහනය සහ රෝගීන් සංඛ්‍යාව අනුව අඩුමතරමේ 50 විතර අවශ්‍ය වෙනවා, හෘද සැත්කමක් කරගන්න රෝගියකු මාස 3 -12 අතර කාලයක් පොරොත්තු ලිස්ට් එකේ ඉන්න ඕනේ. සමහරු මෙම කාලය තුලදී මිය යනවා , කරුණාකර මේ දොස්තරට කියල සැත්කම් කරගන්න කැමති රෝගීන්ට පමණක් මොහුගෙන් සැත්කම් කරගන්න කියන්න , අකමැති රෝගීන් ලංකාවේ සිටින්න ප්‍රමිතියෙන් වැඩි . කෙනෙකුට කියල මේවා කරගන්න කියන්න .
බලපත්‍රයයි ලියාපදිංචියයි දන්නේ නැති දොස්තරලා ගැන ඉතින් කවර කතාද? ලංකාවේ අවශ්‍ය ලියාපදිංචිය. එංගලන්තේ අවශ්‍ය වාර්ෂික බලපත්‍රය කියලා මෙයාලට කියල දීලා තිබුනා. ස්ට්‍රයික් කරන අයටත් වාර්ෂික බලපත්‍ර තියනවද කියලා චෙක් කරලා බලන්න තියන්නේ
මේ කට්ටිය ගැන කියල වැඩක් නෑ. මේ අයට උගන්නන්න වියදම් කරපු අපිට තමයි දැන් ගහන්න ඕනෑ.
ඔය වර්ජනය කරන්නේ ලංකාවේ ගාල්ලේ ඉන්න වෛද්‍යවරුන්ට පුද්ගලික චැනල් වලින් ලැබෙන වාසි සල්ලි නැති වෙන නිසා. නැත්තං ලෙඩ්ඩුන්ට තියෙන ආදරෙට නෙවෙයි.
ඉල්ලා අස්වෙලා ගෙදර යන්න තින්දු කර ගන්නයී තියෙන්නේ.මේ මිනිස්සුන්ට ඕන ඕන විදියට රටේ සෞඛය ප්රතිපත්තී තීන්දු කරන්න ඉඩ දෙන්න බැහැ දොස්තරලගේ නැටූම් නවත්වන්න කාළය ඇවිල්ලා.
වර්ජනය කරලා පමණක් මදි, උඹලට පිනට ඉගෙනගන්න රජයට බදු ගෙවපු ඒ අහිංසක මිනිස්සුන්ව මරා දාපල්ලා. අන්න එතකොට තමයි සිරි ලන්කන් දොස්චරලගේ නියම කෙලෙහි ගුනේ ලෝකෙටම පෙනෙන්නේ??
ලංකාවේ වෛද්‍යවරුන් කුහකයි. වෛද්‍යවරුන්ට පුද්ගලික චැනල් වලින් ලැබෙන වාසි නැති වෙන නිසා තමයි. නැත්තං ලෙඩ්ඩුන්ට තියෙන ආදරෙට නෙවෙයි.
මෙම පත්තරේම පුවතක් තියෙනවා දෙහිඅත්තකන්ඩිය රෝහලේ දොස්තරවරු නැහැ කියලා. මේගොල්ලෝ යවන්න.
මෙහි කමෙන්ට්ස් දමන ලද ඒවා කියවන ලද අයට ලියමි. ඔබ දන්නවාද? 1. එම විදෙස් වෛද්‍යවරයා 68 වියැති විශ්‍රාමික අයෙක් බව 2. ඔහු 2015න් පසු එංගලන්තයේ එකදු සැත්කමක් තබා පැරසිටමෝල් පෙත්තක් වත් නිර්දේශ නොකල බව 3. ඔහු දැනට පූර්ණ කාලීන ව්‍යාපාරිකයකු බව 4. ඔහු මෑතකදී කළ සැත්කම්වලට පසු මියගිය රෝගීන් පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පැමිණිලි කර ඇති බව 5. ඒවා මෙතෙක් විමර්ශනය කර නොමැති බව 6. එසේ තිබියදී නැවත සැත්කම් කිරීමට දී ඇති බව 7. ඔහු පැමිණ කරන හා අදාල ඒකකයේ විශේෂඥ වෛද්‍යවරිය කරන ලබන සැත්කම් කරන එ් වලට වඩා වෛද්‍ය නාමල් ගමගේ මහතා කරන බව... අප ඉල්ලා සිටියේ විමර්ශන කඩිනම් කරන ලෙසත්, ඒවා අවසන් වනතුරු ප්‍රශ්නගත වෛද්‍යවරයාට සැත්කම් කිරීමට ඉඩ නොදෙන ලෙසත්ය.. ඔබේ ජීවිතය වෙනුවෙන් හඬ නැගීම වෙනුවෙන් ලද ප්‍රතිචාරය සැබෑ ජන මතය නොවේ. අසරණ රෝගීන් සමගින් කල් ගෙවන අපි සැබෑ ජන මතය හඳුනයි. වාද කිරීමට කල් නොමැත. බුද්ධිමත් අය තේරුම් ගනිත්වා !