රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති
අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගියදා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලයේ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය